ආර්ථික ඝාතකයන් ගැන ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි තීන්දුවක් ලබාදී ඇති හෙයින් තේරීම් කාරක සභාවෙන් ඵලක් නැතැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී පැවසීය.

කිලෝ 6කට අධික බරකින් යුත් රුපියල් කෝටි 11ක් වටිනා රත්රන් ජෙල් කරල් 16ක් මෙරටට ගෙනා පුද්ගලයෙක් ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී රේගු නිලධාරීන් විසින් ඊයේ (16) දින අත්අඩංගුවට ගනු ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම සඳහා ICC එක ගැන කතා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇමති කමිටුවට බලය පවරා තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී පැවසීය.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විදේශගතව සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපොළේදී ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස දක්වමින් අභියාචනාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කර තිබේ.

අධ්‍යාපනයේ, ආර්ථිකයේ, සෞඛ්‍යයයේ සහනාධාර ජනතාවට ලබාදීම සඳහා රුපියල් ට්‍රිලියනයක මුදලක් මෙවර අය වැයෙන් වෙන් කර ඇතැයි සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ   පැවසීය.

මෙවර නිකුත් වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ඉහළම ලකුණු ලැබූ දරුවන් 05 දෙනෙකු ගැන වාර්තා වී ඇත.

අයවැය පරාජයට පත් වීම යළි රට ආපස්සට හැරවීමක් බවත්, එවන්නක් සිදු කිරීමට පාර්ලිමේන්තුව තුළ සිටින කිසිදු මන්ත්‍රීවරයකුට අවශ්‍යව ඇතැයි තමා නොසිතන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසා ඇත.

සීනි සහ තිරිගු පිටි ආනයන සීමා සහ බදු සංශෝධන හේතුවෙන් බදු ආදායම් අහිමිවීම පිළිබඳ අවධානය යොමුකර ඒවා යළි අය කරගැනීමට ඇති හැකියාව පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us