කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයෙහි තෙවැනි මහලේ පවතින රසායනාගාරයේ වායුසමීකරණ පද්ධතිය නඩත්තු නොකිරීම නිසා රෝගීන් ආපසු හරවා යැවීමට එහි පාලනාධිකාරිය කටයුතු කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි.

පිටකොටුව ස්ථාන තුනක ඇති ශ්‍රී ලංගම මධ්‍යම බස් නැවතුම්පොළ, බැස්ටියන් මාවත හා ගුණසිංහපුර පෞද්ගලික බස් නැවතුම්පොළවල් කොටුව දුම්රිය ස්ථානයට යාබද කරමින් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන යෑමට රජයේ අවධානය යොමුව තිබේ.

නෙළුම් කුලුනේ පළමු කැරකෙන අවන්හල දෙසැම්බර් 09 වනදා විවෘත කිරීමට නෙළුම් කුලුන පෞද්ගලික සමාගම තීරණය කර තිබේ.

''මෙම මාසයේ මැද භාගයේ දී පමණ අප රට බංකොලොත්භාවයෙන් මිදී ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතයි. නමුත් රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා අප නව ආර්ථික ක්‍රමවේද අනුව ඉදිරියට යා යුතුයි. එසේ නොමැතිව පැරණ ආර්ථික ක්‍රමවේද ක්‍රියාත්මක කළහොත් ඉදිරි වසර 10 ඇතුළත නැවත මේ රටේ ආර්ථික අර්බුදයක් ඇතිවීම වැළැක්විය නොහැකියි.'' යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

වැසි සමයත් සමඟ මේ වන විට ඩෙංගු රෝගීන්ගේ සීග්‍ර වර්ධනයක් සිදු වෙමින් පවතින අතර මෙම තත්ත්වය පාලනය කිරිම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ අංශ වෙත දැනුම් දී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අර්බුදකාරී රට සඳහා ඩොලර් බිලියන 2.9 ක ඇපදීමේ දෙවන වාරිකය නිකුත් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB)ඩොලර් මිලියන 600 ක් පමණ ලැබෙනු ඇති බව රොයිටර් පුවත් සේවය වාර්ථා කරයි.

ලබන වසරේ ජනවාරි මස මැද වන විට පාර්ලිමේන්තුව කල් තැබීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධානය යොමු කරමින් සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ඇති විදේශගත ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයින් සඳහා විශේෂ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදී ඇත.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us