දකුණු පළාතේත් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකිය.
ගාල්ල වරාය වාණිජ හා විනෝදාස්වාද වරායක් ලෙස සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Facebook සේවාව සහ Instergram සේවාව ගෝලීය බිද වැටීමකට ලක්වී තිබේ.
බදුල්ල බලා ගමන් කළ දුම්රියක සිටි සංචාරකයන් දෙදෙනෙකුට දුම්රිය සේවකයන් විසින් පහරදී තිබේ.
විදෙස් රටවල සේවයන්හි නිරත ශ්‍රී ලාංකිකයින්ට විද්‍යුත් වාහන ආනයනය කිරීමට අදාළ නව යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
රාජ්‍ය නිලධාරීන්ට පදනම් විරහිත චෝදනා කරමින් දෝෂ දර්ශනයට ලක් කිරීමෙන් වළකින ලෙස මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවේ දි පවසා තිබේ.
මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට වෘත්තීය පුහුණුවක් ලබා දීමේ වැඩසටහන අද (05) දින සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාතංශය පෙන්වා දෙයි.

