රනිල්ට අලියා බෑ..නාමල්ට කොහොමටවත් බැහැ - ප්‍රසන්න

Published in පුවත්
Tuesday, 02 April 2024 15:13

අලියා ලකුණින් හෝ පොහොට්ටුව ලකුණින් නොව සියලු දෙනාට එකගවිය හැකි පොදු ලකුණකින් ජාතික අපේක්ෂකයෙකු ලෙස වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා නම් පමණක් තමන් ඔහුට උදව් කරන බව ප්‍රසන්න රණතුංග පැවසීය.

එමෙන්ම අමාත්‍යවරයා පවසා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ “අලියා” ලකුණින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමා ඔහුට උදවු කිරීමෙන් වැලකී සිටින බවය.

ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් සමඟ, උඩුගම්පළ දේශපාලන කාර්යාලයේදී අද (2) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා කීවෙි විරුද්ධවාදීන් කුමක් කීවද එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධවීමට තමන්ගේ කිසිඳු සූදානමක් නැති බවයි.

රනිල් වික්‍රමසිංහට නැවත වරක් ජනාධිපති ධූරයට පත්වීමට නම් ඔහුට ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝග අත්‍යාවශ්‍ය වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස නම් කිරීමට පක්ෂයේ සාකච්ඡාවක් නැතැයි ද යම් හෙයකින් ඔහු ජනාධිපති අපේක්ෂකයා ලෙස දැම්මොත් ඔහුට උදවු නොකර දේශපාලනයෙන් නිහඬ වෙන බව ප්‍රසන්න රණතුංග සඳහන් කළේය.

එමෙන්ම අමාත්‍යවරයා පවසා සිටියේ නාමල් රාජපක්ෂට ජනාධිපති වීමට තව කල් තිබෙන බවයි.

Last modified on Tuesday, 02 April 2024 15:16

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us