ඒ අනුව එම සංගමය පවසන්නේ ඉන්ධන මිල, විදුලි ගාස්තු වැඩිවූ බව පවසමින් නිෂ්පාදනවල මිල ඉහළ දමා නොමැති බවත්ය.
බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමුවා නම් ඒ පාන් පිටි මිල වැඩි වූ විටදී පමණක් බව එහි සභාපති එන්. කේ. ජයවර්ධන පැවසුවේය.
ඒ අනුව පාන් පිටි මිල අඩුවුවහොත් පමණක් බේකරි නිෂ්පාදනවල මිල පහළ දැමීමට හැකි බව ඔහු වැඩිදුරටත් ප්රකාශ කලේය.