වැඩි වූ පඩිය ගැන හොයන්න ජනපතිගෙන් ස්වාධීන කමිටුවක්

Published in පුවත්
Tuesday, 02 April 2024 12:20

රජයේ මුදල් පිළි­බඳ කාරක සභාවේ නිර්දේශ මත පද­නම්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩි­වීම සමා­ලෝචනය කිරීම සඳහා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා විසින් ස්වාධීන වැටුප් කමි­ටු­වක් පත් කර තිබේ.

ජනාධිපති­ව­රයා මෙම පත්වීම සිදු කර ඇත්තේ මුදල් ආර්ථික ස්ථායී­කරණ සහ ජාතික ප්‍රති­පත්ති අමා­ත්‍ය­ව­රයා ලෙසය. රජයේ මුදල් කාරක සභාව හා ශ්‍රී ලංකා මහ බැංකුව අතර සිදු වූ සියලු ලිපි ගනුදෙනු මත පද­නම්ව, වැටුප් වැඩි කිරීම සම්බ­න්ධ­යෙන් ඇති වී තිබෙන ගැට­ලු­වට ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධී­න­ත්ව­යට හානි­යක් නොවන පරිදි සාධා­රණ විස­ඳු­මක් ලබා දීම සඳහා මෙම කමි­ටුව පත් කර තිබේ.

එහි දී ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024-2026 වැටුප් සංශෝ­ධ­නය යන ශීර්ෂය සහිත 2024-03-16 දිනැති ශ්‍රී ලංකා මහ බැංකුවේ ලිපි­යට විශේෂ අව­ධා­න­යක් යොමු කරන ලෙස ජනා­ධි­ප­ති­ව­රයා මෙම කමි­ටු­වට උප­දෙස් ලබා දී තිබේ. දිනේෂ් වීර­ක්කොඩි, අර්ජුන හේරත්, ආචාර්ය ඉන්ද්‍ර­ජිත් කුමා­ර­ස්වාමි, සුධර්මා කරු­ණා­රත්න, ඇන්තනී නිහාල් ෆොන්සේකා, අනුෂ්ක එස්. විජේ­සිංහ, දුමින්ද හුලං­ග­මුව යන මහත්ම මහ­ත්මීන් මෙම කමිටුවේ සාමා­ජි­කයන් ලෙස පත් කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකු­වට අදාළ විශේ­ෂිත කාර්ය මණ්ඩ­ල­වල ප්‍රවී­ණ­ත්වය ප්‍රමුඛ කර සියලු කාර්ය මණ්ඩල ශ්‍රේණි­ව­ලට සාධා­රණ ලෙස මෙම කමි­ටුව විසින් ගැල­පුම් කරනු ඇතැයි රජයේ මුදල් කාරක සභාව අපේක්ෂා කරයි. වෘත්තීය කාර්ය මණ්ඩ­ල­යට වැටුප් තීර­ණය කිරීමේ ක්‍රම­වේ­දය, වෘත්තීය නොවන සහ සෙසු කාර්ය මණ්ඩ­ල­යෙන් වෙන් කළ යුතු බවට ද දැඩි ලෙස නිර්දේශ කර තිබේ.

ඒ පිළි­බඳ වාර්තාව සති 4ක් ඇතු­ළත රජයේ මුදල් කාරක සභාව වෙත ඉදි­රි­පත් කරන ලෙසත්, ලැබී ඇති කරුණු මත අන්‍යෝ­න්‍යව පිළි­ගත් විස­ඳු­මක් ලැබෙන තුරු වැටුප් වැඩි­වීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කල්ද­මන ලෙසත් රජයේ මුදල් කාරක සභාව නිර්දේශ කරයි.

- දිනමිණ

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us