හම්බන්තොටින් මියන්මාරය හරහා චීනයට දිවෙන නව මාර්ගයට පියවර ගැනේ.
චීන-මියන්මාර ආර්ථික කොරිඩෝව (CMEC) විසින් ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය මියන්මාරය හරහා චීනයේ යුනාන් පළාතට සම්බන්ධ කිරීමේ මුලික කටයුතු ආරම්භකර ඇති බව මෙරට 'තීරය සහ මාර්ග මුලපිරීම-ශ්‍රී ලංකා' (BRISL) හි අධ්‍යක්ෂවරියක් හා BRI උපදෙස් සහ සහයෝගය පිළිබඳ විශේෂඥ Maya Majueran සඳහන් කරයි.
ශ්‍රී ලාංකේය කලාකරුවන්ගේ වෘත්තීය සංවර්ධනය, සංස්කෘතික ආරක්ෂාව සහ වෘත්තීය සුභ සාධනය ඉලක්ක කරගත් සමස්ථ ශ්‍රී ලාංකීය කලාකරුවන්, කලා ශිල්ප සහ නිර්මාණ හිමිකම් ආරක්ෂා කිරීම උදෙසා ගෙන එනු ලබන නව පාර්ලිමේන්තු නීති කෙටුම්පත සඳහා කලාකරුවන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීම දීර්ඝ කරයි.
ගත වූ මාසය තුළ මෙරටින් වාර්තාවන දෛනික ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 335ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
සුනාමි ඇවිත් වසර 19 ක්. මිය ගිය අය සිහි කරන්න රටපුරා සැමරුම්
සුනාමි ව්‍යවසනය සිදුවී අදට (26) වසර 19ක් සපිරේ.
අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල් ප්‍රමාණය ලබන වසරේ සිට තවත් ලක්ෂ 4කින් ඉහළ දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ අංශවලට උපදෙස් දී තිබේ. ඒ අනුව ලබන වසරේදී අස්වැසුම ලබන සමස්ථ ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව පවුල් ලක්ෂ 24 ක්වේ.
රජයේ මහල් නිවාස හිමිකාරීත්වය ජනතාවට පැවරීම ඉක්මනින්ම
රජයේ මහල් නිවාස සංකීර්ණවල නිවාස හිමිකාරීත්වය සින්නක්කර ඔප්පු මගින් ජනතාවට පැවරීම සම්බන්ධයෙන් ගත යුතු ප්‍රතිපත්තිමය තීරණවලට කඩිනමින් එළැඹිය යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.
ලංකාවේ කුළුබඩු වල රස වැටුණු චීන වෙළෙද නියෝජිත පිරිසක් ලංකාවට
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ගම්මිරිස්, එනසාල්, කරාබු නැටි, කහ, කුරුඳු වැනි කුළුබඩු මිල දී ගැනීම සම්බන්ධව සාකච්ඡා කිරීමට මේ දිනවල විශේෂ චීන වෙළෙද නියෝජිත පිරිසක් අපේ රටේ සංචාරයක නිරතව සිටිති. චීන කුළුබඩු ආනයනකරුවන්ගේ සංගමයට අයත් ආයතන 42ක නියෝජිතයෝ ඊට එක්ව සිටිති.
ආනයනික ලොකු ලූනු තොග ගබඩාවල සඟවා ඉතා සූක්ෂම ලෙස වැඩි මිල ගණන් යටතේ අලෙවි කිරීම සම්බන්ධයෙන් ලද තොරතුරු පිළිබඳ පාරිභෝගික අධිකාරිය විමර්ශන ආරම්භ කර තිබේ.

