පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ අඩංගුව සහ එම විමර්ශන සම්බන්ධයෙන් කතෝලික රදගුරු සංගමය සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුදානමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඇම්බර් වර්ණයෙන් යුතු තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
ලෝකයේ බොහෝ රටවල් IMF එකත් සමඟ ගනුදෙනු කළ නමුත් එම රටවල් පවා සිය රටේ දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරිම් සිදු කිරීමේ දී කිසිදු අවස්ථාවක වැඩ කරන ජනතාවගේ අර්ථ සාධක අරමුදල්වලට හානියක් නොකළ බවත් වැඩ කරන ජනතාවගේ අර්ථ සාධක අරමුදල්වලට බලපෑම් කරමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළ එකම රට ලෙස අප රට වාර්තාවක් තබා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
2022 වසරේ සේවක අර්ථසාධක අරමුදලට ගෙවා ඇති පොළි ප්‍රතිශත සම්බන්ධව නැගූ ප්‍රශ්නයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
කබ්රාල් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට අද යළි කැඳවයි..!
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් රට බංකොළොත්භාවයට පත්වීමට හේතු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට අද(06) යළි කැඳවා තිබේ.
අධික වර්ෂාව සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතා සොයා බලා ඔවුන්ට සහන සැලසීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට ඊයේ (05) උපදෙස් දුන්නේය.
අනතුරින් දිවි අහිමිවූවන්ගේ පවුල්වලට ලක්ෂ5 ක් ! රනිල්ගෙන් උපදෙස් !
අද (06) උදෑසන කොල්ලුපිටිය ලීබර්ටි වටරවුම අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ පහ බැගින් මූල්‍යාධාරයක් ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනයක විසින් ප්‍රවාහන අමාත්‍යාංශයට සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත දැනුම්දී තිබේ .
SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය සිය ENTECH 2.0 ශිෂ්‍යත්ව ක්‍රමය යටතේ 2023 - 24 සඳහා වාර්තාගත ශිෂ්‍යත්ව 300 ක ප්‍රමාණයක් ප්රදානය කිරීමට කටයුතු යොදා ඇත.