කුඩා දරුවන්ගේ ආහාර වැඩසටහනට රු. බිලියන 26ක් වැය වෙයි

Published in පුවත්
Sunday, 12 May 2024 14:52

මෙරට ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ සිසුන් ආවරණය වන පරිදි දරුවන් ලක්ෂ 17ක් සඳහා රුපියල් බිලියන 26ක් වැය කර පාසල් දිවා ආහාර වැඩසටහන අඛණ්ඩ ව වර්ධනය කර පවත්වාගෙන යන පසුබිමක සමහර පුද්ගලයන් දේශපාලන වේදිකාවල සිට ජනප්‍රිය ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

රටේ සියලු‍ ම පාසල් දරුවන්ට දිවා ආහාරය දෙන බව පවසන දේශපාලනඥයන් ඒ පිළිබඳ සංඛ්‍යාත්මක විශ්ලේෂණයක් ප්‍රායෝගික ව සිදු කර බලා මෙම ප්‍රකාශ සිදු කළ යුතු ව ඇතැයි ද ඒ මහතා මෙහි දී පැවසී ය.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජර්මන් ටෙක් ආයතනයේ සිසුන් වෙනුවෙන් අත්තිඩියේ ඉදි කළ නව සය මහල් නේවාසිකාගාර සංකීර්ණය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ, මීට වසර දෙකකට පෙර තිබූ තත්වය ඉතා කෙටි කලක දී හාත්පසින් ම වෙනස් කර රට තුළ සාධනීය වාතාවරණයක් නිර්මාණය කළ බවයි. ඒ සඳහා මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවත් අද බොහෝ දෙනකුට පෙර තිබූ ව්‍යසනකාරී තත්වය යළි සිහිපත් කළ යුතු ව ඇති බවත් හෙතෙම පැවසී ය. දිනකට පැය 14ක විදුලි කප්පාදුවක් සමග දින ගණන් ඉන්ධන පෝලිම්වල සිටි යුගය නිමා කළ බවත් රටේ පැවති යුද්ධය ද නිමා වී ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රණය යළි යථාවත් වී ඇති විට එහි වටිනාකම බොහෝ දෙනකුට නොවැටහෙන බව ද හෙතෙම පැවසී ය. පෙර විද්‍යෝදය හා විද්‍යාලංකාර නමින් පැවති පිරිවෙන් පසු ව ශ්‍රී ජයවර්ධනපුර හා කැලණි සරසවි බවට පත් ව පසු ව එක්තරා කාල සීමාවක දී ඒවා වධකාගාර ලෙසටත් පැවති යුග තිබූ බවත් වත්මන් තරුණ පරපුරට ඒ පිළිබඳ අවබෝධය නොමැති බවත් මෙහි දී සිහිපත් කළ අමාත්‍යවරයා මහත් පරිශ්‍රමයකින් පසු උදා කරගෙන ඇති වත්මන් සමාජ තත්වය නැවත සැකසිය නොහැකි ලෙස වෙනස් නොකළ යුතු බව ද කී ය. ඒ සඳහා ජනතාව බුද්ධිමත් ලෙස තීරණ ගත යුතු ව ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.

 

- දිනමිණ 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us