ඔහුගේ පාර්ශ්වයේ විධායක සභා රැස්වීම කෝට්ටේ දී මේ වනවිට පැවැත්වෙන අතර එහි දී මේ බව දැනුම් දී ඇති බවට තොරතුරු වාර්තා වේ.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පක්ෂ සභාපති ධුරයට පත් කිරීමට ඒකමතිකව තීරණය වී කර ඇති බව සඳහන්ය.
ඒ අනුව මීට සුළු මොහොතකට පෙර ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස නීතිඥ විජයදාස රාජපක්ෂ නිතරගයෙන් තේරී පත්ව ඇත.
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ සභාපති ධූරයට විජයදාස මහතා තෝරා ගනු ලැබීය.
පක්ෂයේ වැඩ බලන මහ ලේකම්වරයා ලෙස පත්තඩුවන තේරීපත්විය