හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගේ දේහය මහජන ගෞරවය සඳහා 2024.01.25 බ්‍රහස්පතින්දා (අද දින) පස්වරු 5.30 ට

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හටගත් ගැටුමක් අතරතුර රැඳවූවන් පිරිසක් පලාගොස් ඇති බව වාර්තාවේ.

අවුරුදු අට, පහ සහ තුන යන වයස්වල පසුවෙන දරුවන් තිදෙනා නිවෙසෙහි තනි කර දමා බාරයක් ඔප්පු කිරීමට යැයි පවසා ශ්‍රීපාද වන්දනාවේ ගිය මව සහ පියා අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලීසිය සඳහන් කරයි.

කටුනායක අධිවේගී මාර්ගයේ අද අළුයම සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජිවිතක්ෂයට පත්වී තිබේ.

Online Safety හෙවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ නිහාල් තල්දූව නියෝජ්‍ය පොලිස්පති ධුරය දක්වා උසස් කර තිබේ.

2024.01.22 වන දින බෙලිඅත්ත පොලිස් වසමේ පස්දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකරුවෙක් සහ අපරාධයට අදාළ වාහනය පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මාතර කොට්ඨාස භාර නිළධාරිගේ අධීක්ෂණය යටතේ හක්මන පොලිස් ස්ථානාධිපති ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් මෙරට සිට මෙම අපරාධය මෙහෙයවා ඇති සමන් කුමාර (අවු.54) නැමැති පුද්ගලයෙකු සහ අපරාධය සදහා පැමිණි අංක 65–2615 දරණ PEJERO MITSUBISHI ජීප් රථයද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ වෙතත් මෙම සැකකරු අපරාධය සදහා පැමිණි වාහනයේ රියදුරු වශයෙන් සිට මෙම අපරාධය සැලැසුම් කර ඇති බව අනාවරණය වී තිබේ.

TIN එක වෙනුවට NIC එක

Published in පුවත්
Wednesday, 24 January 2024 15:40

පුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පත් අංකය අදාළ බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) බවට පත්කිරීමට පියවර ගනිමින් සිටින බව රාජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ටින් අංකය ලබාගැනීමේ සාමාන්‍ය ක්‍රමවේදය ක්‍රියාත්මක වන අතරතුර සාමාන්‍ය ජනතාවට වඩාත් පහසුවෙන් එය ලබාදීම සඳහා ඊයේ (23) පැවති සාකච්ඡාවකදී ජනාධිපති ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

මිලියන 15ක් පමණ වූ අවුරුදු 18 ඉක්මවූ පුද්ගලයින්ගේ ජීව දත්ත තොරතුරු පද්ධතිය උපයෝගී කරගනිමින් මෙම ක්‍රියවලිය සිදුකරන බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, මේ තුළින් රාජ්‍ය ආදායම පිළිබඳ පැහැදිලි දත්ත පද්ධතියක් රට තුළ නිර්මාණය වන බව ද පැවසීය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us