මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති නැවත ඇරඹීමට පියවර Featured

Published in පුවත්
Wednesday, 29 May 2024 13:06

කොවිඩ් සහ ආර්ථික අර්බුදය හේතුවෙන් අතරමග නතර කෙරුණු මාලඹේ, බොරලැස්ගමුව, මාකුඹුර යන මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති නැවත ඇරඹීමට විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

මෙම නිවාස ව්‍යාපෘති තුන නාගරික සංවර්ධන අධිකාරිය ආරම්භ කරන ලද්දේ 2021 වර්ෂයේ පෙබරවාරි මාසයේ දී ය. මාලඹේ නිවාස ව්‍යාපෘතිය සදහා රු.මිලි. 3148.80 ක් වෙන් කෙරිණ. ඒ නිවාස 256 ක් ඉදිකිරීම සදහායි. නිවාස 120 ක් ඉදිකිරීම සදහා වන බොරලැස්ගමුව නිවාස ව්‍යාපෘතිය සදහා වෙන් කළ මුදල රු. මිලි. 1476 කි. යෝජිත මාකුඹුර නිවාස ව්‍යාපෘතිය සදහා වන ඇස්තමේන්තුගත මුදල රු.මිලි. 3859ක් වන අතර එහි ඉදිකෙරෙන නිවාස සංඛ්‍යාව 314 කි.

මාළඹේ නිවාස ව්‍යාපෘතිය 2023 වර්ෂයේ මාර්තු මස සිට තාවකාලිකව අත්හිටුවා තිබූ අතර ඒ වන විටත් නාගරික සංවර්ධන අධිකාරිය රු.මිලි 1539 ක මුදලක් එහි ඉදිකිරීම් කටයුතු සදහා වැය කර තිබිණ.

බොරලැස්ගමුව සහ මාකුඹුර යන ව්‍යාපෘති දෙකෙහි ම වැඩ කටයුතු තාවකාලිකව නවතා දමන්නේ 2022 වර්ෂයේ ජූලි මාසයේ දී යි. ඒ වන විටත් මෙම ව්‍යාපෘති දෙක සදහා අධිකාරිය විසින් පිළිවෙලින් රු.මිලි 369 ක් සහ රු.මිලි 1378 ක මුදලක් වැය කර තිබුණි.

මෙම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සදහා අමාත්‍යාංශය මගින් තාක්ෂණික කමිටුවක්ද පත් කළේය. එම තාක්ෂණික කමිටු වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබූ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව වෙත ඉදිරිපත් කෙරිණ. මෙම ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කෙරෙන්නේ එම ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව ලබාදුන් නිර්දේශ අනුවයි.

ව්‍යාපෘති 03 කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේය.

 

- දිනමිණ 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us