ගංඟා කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළට - රීමල් සුළි කුණාටුවත් හෙටින් අතුරුදන්

Published in පුවත්
Wednesday, 29 May 2024 10:07

ගංඟා කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි වාරිමාර්ග ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය සඳහන් කළේ, මෙම තත්ත්වය ගැන දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස පහත්බිම්වල වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටිය යුතු බවය.

"ලංකාවේ නිරිත දිග ප්‍රදේශ ඔස්සේ ගලා බසින අත්තනගලු ඔය, කළු, ගිං සහ නිල්වලා යන ප්‍රධාන ගංගාවන් අද උදෑසන වනවිටත් ඉහළ ජල මට්ටමක් වාර්තා කරනවා. විශේෂයෙන්ම කළු ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට එනම් රත්නපුර හා ඉන් ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් පැවතීම නිසා මේ වනවිට රත්නපුර හා ඒ අවට ප්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටිය යුතු මට්ටමට ළඟා වී තිබේ. විශේෂයෙන් අද දහවල් හා රාත්‍රියේ තද වැසි ඇති වුවහොත් මේ තත්ත්වය අනතුරුදායක තත්ත්වයකට පත්විය හැකිය. ගිං සහ නිල්වලා ගඟත් අවධානයෙන් සිටිය යුතු මට්ටමට ළඟා වී ඇති අතර ගංවතුර අවධානමක් නොමැති බව පැවසිය හැකියි."

මේ අතර රීමල් සුළි කුණාටුවේ බලපෑම හෙටින් අනතුරුව පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පැවසුවේ, ඉදිරි දින දෙක තුන තුළ නිරිතදිග මෝසම් කාලයේ වැසි පතිත වන දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට වැස්ස ලැබීම සිදුවන බවයි.

මේ අතර පවුල් 10483 කට අයත් පුද්ගලයින් 39156 දෙනෙකු පීඩාවට පත්ව සිටි.

ඉන් වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ ගම්පහ ප්‍රදේශයෙනි.

එම ප්‍රමාණය 5075 කි.

මේ අතර දිස්ත්‍රික්ක 8ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි.

කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් ඒ අතරට ඇතුළත් ය.

මේ දිනවල ඇදහැලෙමින් පවතින වර්ෂාව හේතුවෙන් වත්තල හැඳල පරණවත්ත ප්‍රදේශයේ ජනතාව ගංවතුරෙන් පීඩාවට පත්ව සිටි.

අප වාර්තාකරු පැවසුවේ, පවුල් 2000ක් පමණ මෙලෙස ගංවතුරෙන් පීඩාවට පත්ව සිටින බවයි.

පවතින අධික වැසි හමුවේ මහනුවර, කෙන්ගල්ල හා මැණික්හින්න යා කෙරෙන හූරීකඩුව ප්‍රධාන මාර්ගයේ නිකකැටිය ප්‍රදේශයේ මාර්ගය ගිලා බැසීමේ අවදානමකට ලක්ව තිබේ.

එම තත්ත්වය හමුවේ රථ වාහන රියැදුරන් හුරීකඩුව මාර්ගය පරිහරණයේදී සුපරික්ෂාකාරී වන ලෙස මැණික්හින්න පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us