මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයේ සිටින ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාවේ ධීවරයින් ආරක්ෂිතව මුදා ගැනීම සඳහා සෝමාලියානු නාවික හමුදාව සමග සාකච්ඡා කරමින් ඇතැයි කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරට සඳහා පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි.

මෙරට විදුලි ගාස්තු අඩු කර ගැනීමේ තවත් ක්‍රමවේදයක් වෙනුවෙන්  'අතථ්‍ය ද්‍රව ස්වභාවික වායු' (virtual LNG) නල මාර්ගයක් ඉන්දියාවේ කොචි සිට කොළඹ දක්වා පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමඟ සාකච්ඡා ආරම්භ කර ඇත.

සංචාරක ව්‍යාපාරයට නව අත්දැකීම් රැසක් එක් කිරීම වෙනුවෙන් නව යෝජනා රැසක් සමඟ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ත්‍රිවිධ හමුදා සහ පොලිස් ප්‍රධානීන් හමුවී තිබේ.

අඩු ආදායම්ලාභීන්, කලාකරුවන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන් චීන රජයේ ආධාර මත ඉදිකිරීමට නියමිත නිවාස 1,996 යේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ලබන පෙබරවාරි මාසය වන විට ලංකාවට වැඩිම සංචාරකයන් පැමිණෙන රට බවට රුසියාව පත්වනු ඇති බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S Dzhagaryan පවසයි.

උමාඔය ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් ලබන පෙබරවාරි මස 15 වැනිදා වන විට ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ (PMC) අද (26) පැවති මාධ්‍ය හමුව අමතමින් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මෙරට ධීවර ජනතාවගේ සෞඛ්‍ය සුබසාධනය නඟාසිටුවීම වෙනුවෙන් ‘ධීවර සුව සවිය’ නමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us