ඩී.පී. එඩියුකේෂන් වෙතින් මඩකළපු දිස්ත්‍රික් දූවා දරුවන්ට දැවැන්ත තිළිණයක්
ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක “ඩී.පී.එඩියුකේශන් අයි.ටී. කැම්පස්” ව්‍යාපෘතිය යටතේ තවත් අයි.ටී. කැම්පස් 03ක් මඩකළපුව දිස්ත්‍රික්කයේදී (20) දින එහි නිර්මාතෘ හා සභාපති ධම්මික පෙරේරාගේ සුරතින් සිසු අයිතියට පත් කෙරුණි.
අධිකරණයට ඉදිරිපත් වූ හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අද දින (මැයි 21) ජාත්‍යන්තර තේ දිනය ලෙස නම් කර තිබේ.
වෛද්‍යවරුන් සඳහා රුපියල් 35000කින් ඉහළ දැමූ DAT දීමනාවට සාපේක්ෂව තම දීමනා ඉහළ නංවන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පළාත් මට්ටමින් ආරම්භ කළ වර්ජනය අද (21) බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වේ.
හෙලිකොප්ටර් අනතුරකින් මිය යාමට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මෙරටට ත්‍යාගයක් එවා තිබේ.
ඉදිරියේදී වාහන ආනයනය කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
ජාතික වෙසක් සතිය අදින් (21) ආරම්භ වේ.
පොදු සමා කාලය අවසන් වීමෙන් යුද හමුදා සාමාජිකයින් 15,667ක් සේවයෙන් ඉවතට
නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට යුද හමුදා සාමාජිකයින්ට ලබාදී තිබූ මාසයක පොදු සමා කාලය ඊයේ (20) දිනයෙන් අවසන් වුණි.

