කොළඹ දිස්ත්‍රික්කයට රනිල්ගෙන් ශිෂ්‍යත්ව 5000 ක්

Published in පුවත්
Tuesday, 11 June 2024 13:40

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව, ආර්ථික අපහසුතා සහිත අධ්‍යාපනික හා විෂය සමගාමී ක්‍රියාකාරකම්වලින් විශේෂ දක්ෂතා දක්වන සිසුන් සඳහා අඛණ්ඩව අධ්‍යාපන කටයුතු සිදු කර ගෙන යාම වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයක් පැවැත්වේ.

මෙම වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික්කයේ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය ජූනි 19 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ.

අ.පො.ස උසස් පෙළ හදාරන තෝරා ගත් සිසුන් 6000ක් වෙනුවෙන් මසකට රුපියල් 6000/- බැගින් මාස 24ක් පුරා ලබා දීමට නියමිත ශිෂ්‍යත්ව අතරින් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ශිෂ්‍යත්ව 242 ක් හිමි වී ඇත.

ඒ අනුව එම සියලු ශිෂ්‍යත්වලාභීන් වෙනුවෙන් ඔවුන්ට හිමි හිඟ වාරික ද සමඟ අදාළ ශිෂ්‍යත්ව ප්‍රදානය එදින සිදු කිරීමට නියමිතය.

ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100,000 ක් සඳහා ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන අනුව කොළඹ දිස්ත්‍රික්කයට දළ වශයෙන් ශිෂ්‍යත්ව 5,000 ක් පමණ හිමි වන අතර කලාප අධ්‍යාපන කාර්යාල මඟින් දැනටමත් ජනාධිපති අරමුදල වෙත ඉදිරිපත් කර ඇති ශිෂ්‍යත්වලාභී නාම ලේඛනයට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 396 අතුරින් තෝරාගත් ශිෂ්‍යත්වලාභීන් 1758 දෙනෙකු සඳහා ද හිඟ වාරික මුදල් ද සමඟ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇත.

ශිෂ්‍යත්ව අයදුම්පත්‍රය සමඟ ලබා දී ඇති දුරකථන අංක වෙත හා කෙටි පණිවිඩ යැවිය හැකි දුරකථන අංක වෙත දුරකථන ඇමතුම් හා කෙටි පණිවිඩ මඟින් ශිෂ්‍යත්වලාභීන් දැනුවත් කිරීම සිදු කෙරේ.

තවද මේ පිළිබඳ වැඩි විස්තර ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති අරමුදලේ නිල Facebook පිටුවේ පළ කිරීමට නියමිතිය. කෙසේ වුවද කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ශිෂ්‍යත්වලාභීන් සඳහා හිඟ වාරික මුදල්ද සමඟ ශිෂ්‍යත්ව වාරික මුදල් ඉදිරි දින කිහිපය තුළ බැංකුගත කිරීමට කටයුතු කරන අතර එසේ මුදල් බැංකුගත කිරීමෙන් පසු කෙටි පණිවිඩයක් මඟින් (SMS) අදාල ශිෂ්‍යත්වලාභින් දැනුවත් කිරීමට ද කටයුතු කෙරේ.

මීට සමගාමීව අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා තෝරාගෙන ඇති ශිෂ්‍යත්වලාභින් සඳහා ද ඉදිරියේදී දිස්ත්‍රික් මට්ටමින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කර තිබේ.

Last modified on Tuesday, 11 June 2024 14:20

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us