2023 වසරේ දී මෙරට පලතුරු පරිභෝජනය මෙට්‍රික් ටොන් මිලියන 12.8ක් ( මෙට්‍රික් ටොන් 1,283,039) දක්වා ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසා සිටියි.
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ.
මෙරට මුහුදේ අනවසරයෙන් ධිවර කටයුතු කළ ඉන්දියානු ධිවරයින් 22 ක් අත්අඩංගුවට
නාවික හමුදාව යාපනය ඩෙල්ෆ් දුපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු කලාපය තුළ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුව ධිවර කටයුතු වල නිරත වූ ඉන්දියානු ධිවර යාත්‍රා 03 ක් හා ඉන්දියානු ධිවරයින් 22 ක් අත්අඩංගුවට ගත බව නාවික හමුදාව කියයි.
යුද්ධයට සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් ගැන සොයා බලන්න විශේෂිත දූත පිරිසක් රුසියාවට
රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් අද (24) දිනයේ දී රුසියාව බලා පිටව යාමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.
රුසියානු පාලනය යටතේ පවතින ඩජෙස්තාන් කලාපයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකර තිබේ. ඉන් 23 දෙනෙක් පමණ මියගොස් ඇති අතර ඊට පොලිස් නිලධාරීන් 15 දෙනෙක් ඇතුළත් ය.
ඉදිරි කන්නයේ සිට කන්න 2ක් සඳහා ගොවීන්ට බණ්ඩි පොහොර නොමිලේ ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර පවසයි.
රටවල් රැසක කුරුළු උණ රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් සත්ව නිෂ්පාදන ආනයනය සීමා කර තිබේ.

