රටේ ආර්ථික වර්ධනයට දායකවන ව්‍යවසායකත්ව නායකත්වය පාසල තුළින්ම ඇති කිරීමේ අරමුණ ඇතිව කර්මාන්ත අමාත්‍යංශය හා එක්ව ශ්‍රී ලංකාවේ සියලුම පාසල් වල ව්‍යවසායකත්ව කව පිහිටුවීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති අතර මේ සඳහා වන චක්‍රලේඛය නිකුත් කිරීම අද (22) " Industry EXPO 2024 " ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ සිවුවන දිනයේ සමාරම්භක අවස්ථාවේදී සිදු කරන ලදී.

සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” රජයේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉඩම් අයිතිය නොමැති පවුල් 27,595කට ඉඩම් ඔප්පු ලබාදීම සංකේතවත් කරමින් පවුල් 192ක් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් අද (22) මඩකලපුව, තිරයිමඩු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී සිදුවිය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක ඉටු කර ගැනීමේදී ඉන්දියාව සමඟ මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

EPF ඩිජිටල්කරණයට

Published in පුවත්
Saturday, 22 June 2024 11:09

මහා බැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම් ඇතුළු දත්ත ලබා ගත හැකි ඩිජිටල් දත්ත පද්ධතියක් වහාම සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී ඇත.

උප්පැන්න සහතිකයක් නොමැතිවීමෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වු වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

රාජ්‍ය ආයතනවලින් අයකර ගත යුතු හිඟ බදු අයකර ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම ඉදිරියේ දී ගන්නා බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සිය­ඹ­ලා­පි­ටිය පවසයි. මෙම හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 1000 ක් (රුපියල් ට්‍රිලියනයක්) පමණ වන අතර ඒ අනුව විශාලම බදු පැහැර හැරීම සිදු කර ඇත්තේ රාජ්‍ය ආයතන විසින්ය.

ශ්‍රී ලංකා රජය, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර යටතේ ඇති විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය හරහා, රටේ ඛනිජ තෙල් සිල්ලර අංශයේ කොටසක් පෞද්ගලීකරණය කිරීමේ උනන්දුව ප්‍රකාශ කිරීමේ (EOI) ක්‍රියාවලියක් පසුගියදා අවසන් කරනු ලැබීය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us