ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදි සහ තමිල්නාඩු ප්‍රාන්ත මහා ඇමතිනිය ජයලලිතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ වූ ලිපිය ඉන්දියාව තරයේ හෙලා දකියි.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා APOT-Asia සංවිධානයේ සභාපති තනතුරට පත් වී ඇත.
මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ පැවති අතුරුදහන් වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගී වෙමින් සිටි රැස්වීමකට භික්ෂූන් වහන්සේලා ඇතුළු කණ්ඩායමක් කඩා වැදී එම රැස්වීම කඩාකප්පල් කළ බව වාර්තා වෙයි.
සංවර්ධනයේ නාමයෙන් වන විනාශය සිදු නොකරන ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී පැවැසූ බව ජනපතිගේ ට්විටර් ගිණුම කියයි.
ලංකා මුහුදු සීමාව උල්ලංගණය කර ධීවර කටයුතුවල නිරතවීම හේතුවෙන් අත්අඩංගුවට ගැනුණු ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු ලබන 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කැලණිය 'පෙරේරා ඇන්ඩ් සන්ස්' (P&S ) ආපන ශාලාවේ මැස්සන් සහිතව, කෙහෙල් කොලේ ඔතපු බත් පාර්සල් (ලම්ප්රයිස්) විකිනීමට ඇතැයි වාර්තාවේ.
හම්බන්තොට පන්විල ප්‍රදේශයේදී වෙඩි වැදී මියගිය ඇතින්නකගේ මළ සිරුරක් හම්බන්තොට වන ජීවී නිලධාරීන් සොයාගෙන තිබෙනවා.