රජයට රුපියල් මිලියන 619ක බදු මුදලක් අහිමි කළ බවට මොහාන් පීරිස් මහතාට එරෙහිව ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ගොනුකර ඇති රිට් පෙත්සම් විභාගයට සහභාගිවීමට තමන් අකැමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියසාත් ඩෙප් මහතා සහ ඊවා වනසුන්දර මහත්මිය ඊයේ (23) ප්‍රකාශ කළහ.

අඹගමුව ප්‍රාදෙශිය ලේකම් කොට්ඨාසයට අයත් නොර්වුඩ් වෙන්චෙර්ස් වතු යායේ ගැබිණි මාතාවන් 130 දෙනෙකුට පාර්භෝජනයට නුසුදුසු තත්වයේ තිබු ආහාර ද්‍රව්‍ය ලබා දීම සම්බන්ධයෙන් ඊට වගකිව යුත්තන්ට එරෙහිව නඩු පැවරනු ලැබීය.

අමාත්‍ය එස්.බී දිසානායක මහතාගේ බාල සොහොයුරා වන රංජිත් දිසානායක මහතා හඟුරන්කෙත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ. 

සියළු ජන කොටස් අතර සාමය සහ සහජීවනය ගොඩනැංවීමට රජය කැපවී කටයුතු කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

වසර හතරකට අධික කාලයක් තාවකාලිකව නවතා දමා තිබූ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට අද (23) සිට එක්සත් රාජධානිය, කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉතාලිය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය යන රටවල ස්ථිර පදිංචිය ලබාතිබෙන ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව සලසා දී තිබේ.

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට තත්ත්වයෙන් බාල සැපයුම් ලබාගත් බවට එල්ල වු චෝදනා සම්බන්ධයෙන් නොතීසි මත අධිකරණයට ඉදිරිපත් වු එහි හිටපු අධ්‍යක්ෂිකා වෛද්‍ය මංගලිකා බින්දුසාර මහත්මිය ඇප මත මුදාහැර අැත.

ජූනි මාසයේ අගදී මහ මැතිවරණය පවත්වන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ප්‍රවීණ පරිවර්තකයෙකු,ලේඛකයෙකු,නාට්‍යකරුවෙකු මෙන්ම විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙකු වන පසන් කොඩිකාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු ජේෂ්ඨ් මාධ්‍යවේදියකු, ගත් කතුවරයකු වන  සිරිලාල් කොඩිකාර මහතාගේ පුත්‍රයකු වේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us