ඉදිරි මහ මැතිවරණයේදී මැතිවරණ කොට්ඨාෂයකට තරග නොවැදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැඩි උත්සහයක් ගනිමින් සිටින බව වාර්තාවේ. මැතිවරණ කොට්ඨාෂයකට තරග වැදීමෙන් තමන්ට දැඩි අභියෝගයකට මුහුණ දීමට සිදුවන බව රාජපක්ෂ මහතාගේ මතය වී තිබේ. තමන් ඉලක්ක කරගෙන දූෂණ වංචා අපරාධ චෝදනා සෘජුවම එල්ලවිය හැකි බවත් එහිදී ඊට තනිවම මුහුණ දීම අපහසු හා අවාසි සහගත බවත් ඔහු පෙන්ව දී ඇතැයි වාර්තාවේ.

මහ මැතිවරණයකට පැමිණ ඉන් ජයග්‍රහණය කර ආණ්ඩුවක් පිහිටුවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයට ඊයේ (7) අභියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශනය කිරීමේ කොමිසමේ සභාපතිවරයා එම කොමිසමේ කටයුතු අඩපණ කරන අයුරින් කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳ ඔහුට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට රජයේ අවධානය යොමුවී තිබේ.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයේ අවසන් අනුමැතියට යටත් කොට කඩිනමින් ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන ලෙස කැෆේ සංවිධානය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ අලූත් ප‍්‍රතිපත්ති මාලාවක් එළිදැක්වීම සඳහා මේ වනවිට ඒ පිළිබඳ පුවත්පත් දැන්වීම් පළකර විවිධ ජන කණ්ඩායම්වල උගතුන්ගේ, බුද්ධිමතුන්ගේ යෝජනා ලබාගනිමින් සිටින බවත් එම යෝජනා සැලකිල්ලට ගනිමින් ඉතා ඉක්මනින් අලූත් ප‍්‍රතිපත්ති මාලාවක් සකස් කරන බවත් ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන විශ්වාසභංග යෝජනාවෙන් තම අත්සන් ඉවත් කරගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 35 දෙනෙකු පමණ සූදානමින් පසුවන බව වාර්තාවේ.

මෛත්‍රීපාල ජනාධිපතිවරයා මේ වසරේ සැප්තැම්බර් මාසයේ ජිනීවාහි පැවැත්වීමට නියමිත එකසත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය සඳහා සහබාගි වීමට බලාපොරොත්තුවෙන් සිටින බව එකසත් ජාතීන්ගේ මහලේකම්වාරයට දැනුම් දී ඇතැයි රජයේ වෙබ් අඩවිය සඳහන් කර තිබේ. 

පොලිස්‌පති විසින් 2015-02-13 දින පිහිටුවනු ලැබූ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අවලංගු කොට එමගින් මෙතෙක්‌ කළ විමර්ශන හා අත්අඩංගුවට ගැනීම් ඇතුළු සියලු කාර්යයන් බලරහිත කරන්නැයි ඉල්ලා ඇල්ලේ ගුණවංශ හිමි සහ මහාචාර්ය කාලෝෆොන්සේකා මහතා යන දෙදෙනා එක්‌ව ඊයේ (05 වැනිදා) අභියාචනාධිකරණයට රිට්‌ පෙත්සමක්‌ ගොනු කළහ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us