ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් වෙනුවෙන් තිබූ රටේ නීතිය සංශෝධනයය කරමින් යළිත් වියරු ඒකාධිපතියකු බිහිකර ගැනීම සඳහා හෙට අනිද්දාට සම්මත කරගන්නා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු දිනයේ, ඊට සුළු මොහොතකට පෙර මාකඳුරේ මධුෂ්ව ඝාතනය කරමින් සමාජයට දුන් පණිවිඩය අතිශය සැහැසිය. බියකරුය.

රටේ ඉහළ වැදගත්ම වගකීම් විශාල ප්‍රමාණයක් දරණ දේශපාලන බලවතෙකුට කාර්ය මණ්ඩලයක් පවත්ගෙන යෑමට සිදුවීම සාමාන්‍ය දෙයකි. ඒ මණ්ඩලයට ප්‍රධානියකු සිටීම කටයුතු විධිමත්ව පහසුවෙන් කිරීමට රුකුලකි. යම් ප්‍රධානයෙකුට අලුත් කාර්ය මණ්ඩල ප්‍රධානියකු පත්කර ගන්න වෙන්නේ තමන්ගේ අවශ්‍යතාවයට සරිලන ආකාරයෙන් මිස රට්ටු කියන විදිහටවත් රටේ නායකයාට ඕනෑ විදිහටවත් නොවේ.

කුණා‍ටුවෙන් පසු දෙපොළට වැටිච්ච ගිරව් දෙන්නාගේ කතාව මතකයට ගන්න. සුදනන් ඇසුරේත් දුදනන් ඇසුරේත් හැදී වඩුනු ගිරව් දෙදෙනාද ඒ අනුවම හැඩ ගැසුනහ. මේ රටක් සම්බන්ධයෙන්ද එසේමය. රටේ පාලකයාගේ වැඩ රටාව අනුව රට වැසියාත් ඒ අනුව හැඩ ගැසෙන බව අද මේ වන විට රටේ සිදුවෙමින් පවතින දේ දෙස් දෙයි..

වත්මන් දේශපාලන අධිකාරියෙහි අසමත් බවත් විසුළුකාරී බවත් පසුගිය මාස 6 දී වුවමනාවටත් වඩා පෙන්නුම් කර තිබිණි. මේ නිසාම සමහරු ප්‍රශ්න කර සිටියේ ජනාධිපතිවරණයට පෙර, 'ගෝටා ආවොත් ඉවරයි, ආයේ සුදු වෑන් කැරකේවී, මිනි කඳු ගොඩ ගැහෙවී, වියරු ඒකාධිපතියකු බිහි වේවී..' යනුවෙන් කියපු කතාවල ඇත්තක් නැති බවටය.

ඇඳිරි නිතිය අඛන්ඩව ක්‍රියාත්මකවීමත් සමඟ අත්‍යවශ්‍ය ආහර ද්‍රව්‍ය සපයා ගැනීමේ අර්බුදයට යම් යම් විසඳුම් ක්‍රියාත්මක වෙමින් පැවැතියද .ඒවා හෝ මෙතෙක් සම්පුර්ණ වී නැත. තවමත් දින ගනනාවකින් ආහාරයක් බඩට නොවැ‍ටුනු මිනිස්සු සිටිති. ඒ ගැන මීට පෙරද අප පෙන්වා දී ඇත.

ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර විසින් නිකුත් කර තිබෙන චක්‍ර ලේඛයක් අනුව ජනාධිපති ගොටාබයගේ නියෝගයක් ප්‍රකාරව රාජ්‍ය සංස්ථා ,මණ්ඩල සභාපතිවරුන්ගේ පඩිය රු ලක්ෂය දක්වා අඩු කර ඇති බවට මාධ්‍ය වාර්ථා කිහිපයක් පළ වී තිබේ. එසේම ඉන්ධන දීමනාවන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ දීමනාවන්ද සීමා කර තිබේ.

රංජන් රාමනායක ගේ හඬ පට කවුරුන් හෝ ලීක් කිරීම මත රටේ දේශපාලනය/ දේශපාලන සංස්කෘතිය මෙන්ම රටේ දෙදහස් පන්සීයේ සංස්කෘතික මෙව්ව එකද හෙල්ලීමට පටන් ගෙන තිබේ.

මේ වන විට ජනමාධ්‍යයට සූප්පු කර කර ඉන්න ලැබී තිබෙන රංජන් රාමනායක විසින් පටිගත කරන ලද හඬ පට කිහිපය මඟින් රංජනුත්, අධිකරණ විනිසුරුවරුත්, පොලිස් නිළධාරීනු නීතිය සමඟ සෙල්ලම් කර ඇති බවත් දුමින්ද සිල්වා වැනි 'අහිංසකයින්' ට මිනි මැරුම් චෝදනා ගොනු කර මරණීය දණ්ඩනය ලබා දී ඇති බවත් ආදී කප්පරක් දේවල් ගැන විහිළු සහගත විශාල කතා බහක් ඇති වී තිබේ.

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us