විදුලි උපකරණයකින් කොණ්ඩය සකස්කරමින් සිටි එක් දරු මවකට එම උපකරණයෙන් විදුලිය කාන්දු වී විදුලි සැර වැදී නිවසේ උඩු මහලේ පිහිටි නාන කාමරය තුළ ඇද වැටී මිය ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.

පිළිකාව බෝවෙන රෝගයක්‌ ලෙස අපේ රටේ ව්‍යාප්ත වන බවට ඔහු අනාවැකි පළකළේ අදින් වසර පහලොවකට පමණ පෙර සිටය. රතු මස්‌ අනුභව කිරීම සහ නොයෙක්‌ ක්‍රමවලින් සකස්‌ කළ මස්‌ සහිත ආහාර අනුභව කිරීම, රසකාරක යෙදූ සහ කල්තබා ගැනීමට රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර අනුභව කිරීම එයට හේතුව බව එදා ඔහු ප්‍රකාශ කරද්දී ඔහුට එරෙහිවූවන් අතර ඇතැම් වෛද්‍යවරුද වූහ. නමුත් මේ ආහාර පිළිබඳ ඔහු එදා කළ ප්‍රකාශ අද ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිළිගෙන තිබේ. අද අපේ රටේ වැඩිදෙනෙක්‌ රස කරමින් ගිලදමන මේ වස පිළිබඳවත් 'රතු මස්‌' ගැන ලොව පිළිගත් අනාවැකියක්‌ කියන්නට සිදුකළ පර්යේෂණය පිළිබඳවත් මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක පුවත්පතකට කළ සාකච්ඡාවක් ඇසුරින්....


පිළිකාව බෝනොවන රෝගයක්‌ වුවත් බෝවන රෝග තරමට වර්තමාන සමාජයේ එය සුලබ ව්‍යාධියක්‌ බවට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කොට තිබෙනවා !

මේ අපි බලාපොරොත්තු නොවූ තත්ත්වයක්‌ නොවෙයි. අපේ ජනතාව බහුලව භාවිත කරන ආහාරවල වෙළෙඳ නාමය නොකිව්වත් මොනසෝල්ට්‌ අඩංගු ආහාර භාවිතයෙන් ඉවත් නොකළොත්... ඇස්‌බැස්‌ටස්‌ භාවිතයෙන් ඉවත් නොකළොත්... ග්ලයිපොසෙට්‌ අඩංගු පොහොර තහනම් නොකළොත්... රතු මස්‌ භාවිතය සහ සකස්‌ කළ මස්‌ අඩංගු ආහාර භාවිතය අවම නොකළොත් වැඩි කල් නොගොස්‌ පිළිකාව අපේ රටේ සුලබව දැකිය හැකි ව්‍යාධියක්‌ බවට පත්වන බව අපි කිව්වා. සමහර දේශපාලකයෝ පමණක්‌ නෙමෙයි ඇතැම් වෛද්‍යවරු පවා රතු මස්‌ සහ සකස්‌ කළ මස්‌ අඩංගු ආහාර භාවිතය අවම කළ යුතු බවට මා කළ ප්‍රකාශයන් අවඥාසහගතව බැහැර කළා පමණක්‌ නෙමෙයි වැඩෙන දරුවන්ට මස්‌ අවශ්‍යයි කියන මතයක්‌ සමාජගත කරන්නටත් උත්සාහ කළා. නමුත් අද රතු මස්‌ භාවිතය සහ සොසේජස්‌, ලිංගුස්‌, මීට්‌ බෝල් වැනි සකස්‌ කළ මස්‌ සහිත ආහාර නිසා බඩවැලේ පිළිකා හටගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිළිගෙන තිබෙනවා. රතු මස්‌ සහ සකස්‌ කළ මස්‌ සහිත ආහාර බහුලව ගැනීම පිළිකා පමණක්‌ නොවෙයි තරබාරුකම, හෘදයාබාධ වැනි තවත් ආබාධ රැසකට අත වැනීමක්‌.


නමුත් මස්‌ ආහාරයට ගැනීම ලෝකයේවත් අපේ රටේ වත් අද ඊයේ ඇතිවූවක්‌ නෙමෙයි. එයට දීර්ඝ ඉතිහාසයක්‌ තිබෙනවා. මස්‌ අනුභව කිරීම වර්තමානයේ පිළිකා ඇතිවීමට ප්‍රධාන හේතුවක්‌ වී තිබෙන්නේ ඇයි?

අතීතයේ මිනිස්‌සුත් මස්‌ කෑවා. හැබැයි ඒ අද වගේ නොයෙක්‌ රසායනික ද්‍රව්‍ය අඩංගු රසකාරක යොදපු මස්‌ නෙමෙයි. අද සොසේජස්‌වල කල් තබාගැනීම සඳහා යෙදූ නයිට්‍රේට සහ නයිට්‌රයිට තිබෙනවා. විවිධ වර්ණක තිබෙනවා. රසකාරක තිබෙනවා. මේ සොසේජස්‌ කනකොට බොහොම දෙනෙක්‌ නොයෙක්‌ බීම වර්ගත් පානය කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඔය කෘත්‍රිම බීම වර්ග බොහොමයක පිළිකාකාරක අඩංගුයි. කෘත්‍රිම බීම වර්ණ ගන්වන්න වගේම රසකාරක විදිහට යොදන රසායනික ද්‍රව්‍ය පිළිකාකාරක නේද කියල අපි අහන කොට ඒවා හදන සමාගම් කියන්නෙ අපි ඒ ද්‍රව්‍ය යොදල තියෙන්නෙ අංශු මාත්‍ර විදිහට. ඒ හින්ද ශරීරයට හානියක්‌ නෑ කියලයි. පිළිකාවක්‌ හැදෙන්නෙ පිළිකාකාරක ද්‍රව්‍ය අඩංගු ආහාර කලාතුරකින් කෑවම නෙමෙයි. අංශු මාත්‍ර විදිහට හරි ඒවා දිගින් දිගටම ශරීරයට එකතු වුණාමයි. ඔය හුඟක්‌ කෘත්‍රිම බීම වර්ගවල අඩංගු පෝමෙතිල් ලිමිටසෝල් අංශු මාත්‍ර විදිහට හරි කාලයක්‌ තිස්‌සේ ශරීරගත වුණාම පිළිකාවක්‌ හැදෙනව.


අද අපි අපේ ශරීරයට එකතු කරන්නේ ඔය මස්‌ විතරක්‌ නෙමෙයි. ඔය බීම විතරකුත් නෙමෙයි. අද අපි හුස්‌ම ගන්න වාතයේ කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රතිශතය වැඩියි. වායුගෝලය තදින් දූෂණය වෙලා. බොන වතුර ටික දූෂිතයි. ගංගා ඇළදොළට නොයෙක්‌ රසායනික ද්‍රව්‍ය දමල ඒ ජලය දැඩිලෙස දූෂිත වෙලා. මේව අහම්බෙන් වෙන දේවල් නෙමෙයි. හිතාමතාම තම නිෂ්පාදනවලින් වැඩි ලාබගන්න නියමිත ලෙස අපද්‍රව්‍ය බැහැර නොකිරීම නිසා සිදුකරන දේවල්. අද අපි කන, බොන දේවලත් හුස්‌ම ගන්න වාතයේත් පිළිකාකාරක අඩංගුයි. එදා මස්‌ කාපු මිනිස්‌සු ජීවත්වෙන පරිසරයෙ නෙමෙයි අද මස්‌ කන මිනිස්‌සුන්ට ජීවත්වෙන වෙලා තිබෙන්නෙ. නමුත් මම නම් හිතන්නෙ නෑ එදා මිනිස්‌සු අද වගේ මස්‌ කෑව කියල. අද තුන්වේලටම සොසේජස්‌ කන මීට්‌බෝල්ස්‌ කන ළමයි ඉන්නව. අනිත් වැදගත්ම දේ මේ ආහාර බොහොමයක්‌ ඉතා ඉහළ උෂ්ණත්වවලට රත්කරල, ගැඹුරු තෙලේ බැදල පිළියෙල කරන ආහාර. ගැඹුරු තෙලේ බැදීම නැවත පිළිකාකාරක එකතුවීමක්‌.


ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා රතු මස්‌වලත් සකස්‌ කළ මස්‌ සහිත ආහාරවලත් පිළිකාකාරක ඇති බව ප්‍රකාශයට පත් කළා. නමුත් ඔබ මීට වසර ගණනාවකට පෙර ඔබ කළ පර්යේෂණයක්‌ තුළින් එබඳු නිගමනයකට එළඹුණා. ඔබ සිදුකළ පර්යේෂණය කුමක්‌ද?

නිගමනයක්‌ හැටියට මීට වසර කිහිපයකට පෙර රතු මස්‌ හා සකස්‌ කළ මස්‌ අඩංගු ආහාර ගැන මම මේ ප්‍රකාශය කළාට මගෙ පර්යේෂණය තවම අවසන් නෑ. මේ රෝහලට එන බඩවැලේ පිළිකා සහිත රෝගීන් ගේ ආහාර රටාව ගැන මම පුළුල් විමර්ශනයක්‌ කළා. මවිසින්ම සකස්‌ කළ ප්‍රශ්න පත්‍රයක්‌ බඩවැලේ පිළිකා සහිත රෝගීන් සහ සම වයසේ නිරෝගී පුද්ගලයින් එනම් පිළිකා රෝග ලක්‌ෂණ නොපෙන්වූ පුද්ගලයින් විශාල පිරිසකට යොමුකරල ඒ තුළින් දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ඔවුන්ගේ ආහාර රටාවන් පරීක්‌ෂාවට ලක්‌ කරල මම එළඹුණු නිගමනයක්‌. යමෙක්‌ පිළිකාවක්‌ සම්බන්ධයෙන් නිරෝගී පුද්ගලයෙක්‌ය යන නිගමනයට අපට එකවරම එළඹෙන්න බෑ. පිළිකා රෝග ලක්‌ෂණ නොපෙන්වූ පුද්ගලයින් හැටියටයි මම අනෙක්‌ පාර්ශ්වය මේ පර්යේෂණයට සහභාගි කරවා ගත්තෙ. මේ දෙපිරිසම අනුභව කළ මස්‌ වර්ගය, දිනකට ගත් ප්‍රමාණය, කොපමණ කාලයක සිට භාවිත කළාද යන්න, ඔවුන්ගේ දින චර්යාවන්, රැකියා ස්‌වභාවයන් ආදී මේ දෙපිරිසේ ආහාර රටාවට පරිබාහිර ක්‌ෂේත්‍ර පිළිබඳවත් මම පුළුල් විමර්ශනයක්‌ කළා. එහිදී දිනපතා, දීර්ඝ කාලයක සිට මස්‌ වර්ග අනුභව කළ අය අතර, විශේෂයෙන් රතු මස්‌ අනුභව කළ සහ මස්‌වලින් සැකසූ ආහාර අනුභව කළ අය අතර බඩවැලේ පිළිකා තත්ත්වයන් බහුල බව මට පැහැදිලි වුණා.

මේ තත්ත්වයන් මම පැහැදිලි කළාම ඇතැම් අය මම ආගම්වාදියකු ජාතිවාදියකු විදිහට හඳුන්වන්නත් උත්සාහ කළා. අපේ රටේ මස්‌ වර්ග වැඩිපුර අනුභව කරන නොයෙක්‌ ආගම්වලට ජාතීන්වලට අයත් පිරිස්‌ ඉන්නව. නමුත් වෛද්‍යවරයකු හැටියට මම කළේ ඒ කවර ආගමිකයෙක්‌ කවර ජාතිකයෙක්‌ වුවත් බරපතළ රෝග තත්ත්වයකින් මුදවා ගන්නයි.

හරක්‌ මස්‌, කුකුළු මස්‌ සහ ඌරු මස්‌ අපේ රටේ ප්‍රධාන වශයෙන් ආහාර සඳහා භාවිත වන මස්‌ වර්ග තුනයි. ඔබ රතු මස්‌ ලෙස හඳුන්වන්නේ මින් කුමන මස්‌ වර්ගයද?

මූලික වශයෙන් හරක්‌ මස්‌. මස්‌වල රතුපැහැය ඇතිවෙන්නෙ හිමෝග්ලොබින් කියන සංඝටකය නිසා. එහි හීම් නමැති රසායනිකය සමග මේ මස්‌ කල්තබා ගැනීමට භාවිත කරන රසකාරක නයට්‍රේට සහ නයිට්‍රයිට වර්ග නිසා මෙම මස්‌ පිළිකාකාරක වෙනවා. හරක්‌ මස්‌වල තරම්ම නැතිවුණත් කුකුල් මස්‌ සහ ඌරු මස්‌වලත් මේ හීම් සංඝටකය තිබෙනවා. ඌරු මස්‌වල අධික තෙල් සහිත සවභාවයත් ශරීරයට හානිකරයි.


දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් කියල තිබෙන නිසා මස්‌ අනුභවය ගැන දෙවරක්‌ හිතන්නට අපේ රටේ වැඩිදෙනෙක්‌ පෙළඹෙන්නට පුළුවන්. පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක්‌ හැටියට ඔබ ජනතාවට කියන්නෙ කුමක්‌ද?

බඩවැලේ පිළිකා වැළඳුණු අලුත් රෝගීන් පන්සියයක්‌ පමණ හැම වසරකම මේ රෝහලට එනව. මීට දශක දෙක තුනකට කලින් පිළිකාවක්‌ කියන්නෙ වයස අවුරුදු 60-70 වැනි වයස්‌වලට අයිති රෝගයක්‌. දැන් ඒ සීමාව ඊට වඩා හුඟක්‌ ඉස්‌සරහට ඇවිත්. ඉස්‌සර මැදි වයසට සීමාවී තිබුණු දියවැඩියාව සහ හෘද රෝග අද පාසල් යන දරුවන් අතරත් බහුලයි. කෘත්‍රිම රසකාරක යෙදූ සහ කල්තබාගැනීමට විවිධ රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර අද පාසල් දරුවන්ගේ ප්‍රධාන ආහාර වේල්වලට එකතුවෙලා තිබෙනවා. එය බරපතළ අනාගත ඛේදවාචකයක්‌. දරුවන් අතර මේ ආහාර ප්‍රචලිත කිරීම පිටුපස අද දැවැන්ත ක්‍රියාදාමයක්‌ තිබෙනවා. කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර සහ කල් තබාගැනීමට රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර අනුභව කිරීමෙන් වළකින්න. ඔබේ දරුවනුත් එම ආහාරවලින් මුදවාගන්න. රස කරමින් අපි අද මේ කන්නෙ වස. හැකිතරම් එළවළු, පලතුරු සහ පළාවර්ග අනුභවයට යොමුවන්න. රසායනික පොහොර භාවිතයත් අපේ රටේ වකුගඩු රෝගයට වගේම නොයෙක්‌ පිළිකා රෝගයන්ටත් හේතුවක්‌. රතු මස්‌ අනුභවය සහ සකස්‌ කළ මස්‌ සහිත ආහාරවලින් වැළකීම පමණක්‌ නොවෙයි, රසායනික පොහොර භාවිතයත් අවම නොකළොත් අපේ අනාගත පරපුර බරපතළ අනතුරකට ලක්‌වීම වළක්‌වන්නට බෑ.

ඉන්දියානුවන් පිරිසක්‌ සමග පසුගියදා මා ඉන්දුනීසියාවේ කළ සංචාරයකදී එරට රසායනික කම්හලක්‌ නැරඹීමට මට අවස්‌ථාව ලැබුණා. ඉන්දුනීසියාව ග්ලයිෆෝසෙට්‌ භාවිතය තහනම් කළ රටක්‌ වුවත් එම කම්හලේ ග්ලයිෆෝසෙට්‌ මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරනු අප දුටුවා. ඒ පිළිබඳ මා කළ විමසීමෙදී ඔවුන් පවසා සිටියේ වෙනත් රටවලට අපනයනය කිරීම සඳහා ග්ලයිෆෝසෙට්‌ නිෂ්පාදනය කරන බවයි. ශ්‍රී ලංකාවත් ඔවුන්ගේ ප්‍රධාන ගැනුම්කරුවෙකු බවද ඔවුන් මා සමග පැවසුවා. ඉන්දියානුවන් පිරිසක්‌ සමග සිටි මා ඉන්දියානුවකු යෑයි ඔවුන් සිතුවා විය හැකියි. අප මේ විනාශ කරන්නේ අපේම දරුවන් නොවේද? අපේම අනාගතය නොවේද?


දිවයින පුවත්පතේ පළ වූ සාකච්ඡාවක් ඇසුරිනි...

-RS

මිනිසාගේ නිරෝගීභාවය වෙනුවෙන් සහ යහපැවැත්ම වෙනුවෙන් සමබල ආහාර වේලක් පවත්වාගත යුතු වැදගත් සාධකයක්. ඒ අතරින් අපේ ශරීරයට අත්‍යවශ්‍ය ඔමේගා (Omega) 3 මේද අම්ල ගැන ගොඩක් අය කතා බහ වෙන කරුණක්.

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්
උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා
බලාපොරොත්තු හින පෙන්නුවා
මාත් හරි අසාවෙන් එ හැම එකක්ම
පොදි බැද ගත්තා...

එ හැම හීනෙටම කල් ඉකුත්වීමේ දිනයක් ළග බව දැන ගත්තත්
උඹේ කළු සුදු සමාජයේ තියෙන
සුන්දරම වචනවලින්ම මගේ
හදවත කුලියට අරගත්තා...

හැමදාමත් උදේට අම්මා දෙන කැම එකත්
අරන් පංති යනවා කියලා උඹත් එක්ක මං යන්නේ ඇවිදින්න
එත් අම්මා දිපු බත් එක හැමදාමත් කුණු බක්කියේ...

දවසක් උඹ මට කිවුවා වැලන්ටයින් එකට ඇවිදින්න යමු කියලා
එදා තමයි මගේ ආත්මය උබ උරා බිපු දවස උඹ
මාත් උඹට පුජා කරා හැම දෙයක්ම දොතින්ම...

උඹ කියන වාගේ බඩුවක් හින්දා නම් නෙවෙයි
හදවතින්ම ආදරය කරපු නිසා
අදටත් මගේ ආත්මය උඹ හරි අපුරුවට විකුණනවා
සමාජ වෙබ් අඩවිවල ...

-ලක්මාලි ජාගොඩ

2020 ශ්‍රී ලංකා රෑ රැජින කිරුළ හිමිකර ගැනීමට පිළියන්දල හැඩිගම පදිංචි 17 හැවිරිදි ශෙන්යා විජේරත්න සමත් වී තිබෙනවා.

මොනර පිලක අරුමේ
කෙස් කලඹක වරුනේ
රුබර ලලනාවෝ
දිදුලන කෙස් මෑවූ....
සිසිලස සලසන
රුව ඔප් නංවන
රුබර ලදුනගෙ
වරලස ඔබ මෑවූ...

චීනයේ වෙරළක් යැයි සිතා ගෙන 1494 ඔක්තෝබර් 12 දින උදෑසන ක්‍රිස්ටෝපර් කොලොම්බස් බහාමාස් වල දූපතකට ගොඩ බැස්හ. ආගන්තුක සත්කාර වලට ලැදි ස්වදේශිකයෝ ඔහුට පළතුරු වර්ග, ධාන්‍ය වලින් සාදන ලද පාන් වර්ග,වියලි කොළ වර්ගයක් තෑගි කළහ. කොලොම්බස් වියලි කොළ ටික මුහුදට විසිකර අනෙකුත් දෙවල් තබා ගත්හ.

මෙතෙක් කලක් ගුවන් හමුදා නිලධාරීන්ට පමණක් සීමා වී තිබූ ගුවන් නියමු රාජකාරිය සඳහා ගුවන් හමුදා නිලධාරිනියන්ද යොදා ගැනීමට කටයුතු යොදා ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න මහතා පවසයි.

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us