සිය අවසන් ටෙස්ට් ක්රිකට් තරඟයට මුහුණ දෙන මහේල පළමු ඉණිමේ දී ශතකයක් වාර්තා කිරීමට සමත් විය. එය ඔහුගේ 34 වන ටෙස්ට් ශතකය වන අතර මහේල එස්.එස්.සී. ක්රීඩාංගණයේදී ලබා ගත් 11 වන ශතකය ද වෙයි. ඒ සඳහා ඔහු පන්දු 138ට භාවිත කරන ලදී.
මේ වන විට ශ්රී ලාංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 4ක් දැවී ලකුණු 250ක් ලබා ගෙන තිබේ.
මහේලට අනගි සහයක් ලබාදුන් නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 63කට දැවී ගියේය.