මහේලගෙ සාර්ථකත්වයෙන් ලංකාවට ලකුණු 305ක්

Published in ක්‍රීඩා
Thursday, 24 July 2014 17:24

සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩාවම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය අද කොළඹ එස්.එස්.සී. පිටියේ දී ආරම්භ විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනය අවසන් වන විට පළමු ඉණිම ස‍ඳහා කඩුළු 5ක් දැවී ලකුණු 305ක් රැස් කිරීමට සමත් විය.

අද දිනය මහේල ජයවර්ධනගේ දිනය බවට පත්කර ගනිමින් පන්දු 225ක දී 4 පහර 16ක් සහ එක් 6 පහරක් සහිතව ලකුණු 140ක් වාර්තා කිරීමට සමත් විය. ටෙස්ට් ක්‍රිකට් දිවියේ සිය 34 වන ශතකය ද එස්.එස්.සී. ක්‍රිඩා පිටියේ දී ලබාගත් 11 වන ශතකය ද වාර්තා කිරීමට සමත් විය.

නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 63ක් ලබා ගනිද්දී අද දවසේ සාර්ථක අනෙක් එකම පිතිකරුවා වූයේ කෞෂල්‍ සිල්වා පමණි. ඔහු ලකුණු 44ක් ලබා ගත්තේ ය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් අද දවසේ සාර්ථක පන්දු යැවීමක නිරත වූ ඩෙල් ස්ටේන් සහ ජේ.පී. ඩුමිනි කඩුළු 2 බැගින් ලබා ගත්තේ ය.

Cricket-4Cricket-3Cricket-2Cricket-1

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us