මහේලගේ සමුගැනීම වෙනුවෙන් ක‍්‍රීඩාංගණ මාරුවක්

Published in ක්‍රීඩා
Thursday, 24 July 2014 10:44

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

මහේල ජයවර්ධන එම තරගයේදී ටෙස්ට් පිටියෙන් සමුගැනීමට නියමිත බැවින් ඔහු නියෝජය කරන එස්.එස්.සී. ක‍්‍රිකට් සමාජය කළ ඉල්ලීමකට අනුව එම තීරණය ගත් බව ක‍්‍රිකට් ආයතනය අද නිවේදනය කළේය.

දෙරට අතර අදාළ තරගය පී. සරවණමුත්තු ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමටය මීට පෙර තීරණය කර තිබිණ.

මේ අතර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු මාවන් අතපත්තුගේ සේවය එළැඹෙන පාකිස්තාන සංචාරය දක්වා දීර්ඝ කර තිබේ. සහය පුහුණුකරු වන්නේ රුවන් කල්පගේයි.

පාකිස්තාන සංචාරය සඳහා පන්දු රැකීමේ පුහුණුකරු ලෙස නුවන් සෙනෙවිරත්න පත්කිරීමට ද තීරණය කර ඇත.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us