ඔහු පවසන්නේ, එම තරගාවලියේදී මීටර් 100 ධාවන ඉසව්වට පමණක් ඉදිරිපත් වන බව ය.
ඔලිම්පික් රන් පදක්කම් 6ක් දිනා සිටින 28 හැවිරිදි බෝල්ට් මීටර් 100 සහ 200 ඉසව්වේ ලෝක වාර්තාවට ද හිමිකම් කියයි.
බෝල්ට් මීට පෙර පවසා තිබුණේ, 2016 ඔලිම්පික් තරගාවලියෙන් පසු ක්‍රීඩා පිටියෙන් ඉවත් වන බවය.සිය අනුග්‍රාකයාගේ ඉල්ලීම මත සමු ගැනීම තවත් අවුරුද්දකින් දීර්ඝ කිරීමට සිදු වූ බව ඔහු විදෙස් මාධ්‍යට පවසා ඇත.
බෝල්ට් පවසන්නේ, 2009 වසරේ බර්ලින්හි පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙලේදී තමන් පිහිටවූ මීටර් 100 තත්පර 9.58ක් වූ වාර්තාව බිඳ දැමීම තමන්ගේ සිහිනය වන බවය.