වෝනර්ගේ සුපිරි ඉනිමෙන් එංගලන්තය පසු බසී

Published in ක්‍රීඩා
Saturday, 17 January 2015 12:46

ඔස්ට්‍රේලියාව, එංගලන්තය සහ ඉන්දියාව තරඟවදින කාර්ල්ටන් මිඩ් (Carlton Mid) තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලිය අද ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හිදී සත්කාරක ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරඟයෙන් ආරම්භ විය.

කාසියේ වාසිය දිනාගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට එංගලන්ත නව නායක ඉයන් මෝගන් තීරණය කරන ලදී. ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ එංගලන්ත පිල පන්දුවාර 47 කදී සියලු දෙනා දැවී ලකුණු 234ක් ලබාගත්හ.

මුළු ලකුණු සංඛ්‍යාව 69 ට කඩුලු 5ක් තිබියදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකරමින් සිය එක්දින දිවියේ 7 වන ශතකය වාර්තාකරමින් ලකුණු 121ක් වාර්තා කිරීමට සමත් විය. එයට හතරේ පහර 11ක් සහ හයේ පහර 3 ක් ඇතුලත් විය. පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මිචෙල් ස්ටාර්ක් කඩුලු 4ක් සහ ෆෝල්ක්නර් කඩුලු 3ක් බිඳ හෙළිය.

ලකුණු 235 කැ ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානුවන් පන්දු 61 ඉතිරිව තිබියදී කඩුලු හතක දැවී සිය ජයග්‍රහණය තහවුරු කර ගත්හ. ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝර්නර් වේගවත් ඉනිමක් ක්‍රීඩාකරමින් සිය 3 වන එක්දින ශතකය ලෙස ලකුණු 127 වාර්තා කරේ පන්දු 115 කට මුහුණ දෙමිනි.

ස්ටීවන් ස්මිත් ලකුණු 37ක් ද රැස් කළහ. එංගලන්තය වෙනුවෙන් වෝක්ස් කඩුලු 4ක් බිඳ හෙළිය. තරඟයේ විරය සම්මානය ඩේවිඩ් වෝනර් විසින් දිනාගත් අතර තරඟාවලියේ මීළග තරඟය ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර මෙල්බර්න් හිදී 18 වනදා පැවැත්වීමට නියමිතයි.

මහේෂ් මධුසංක

Last modified on Saturday, 17 January 2015 12:47

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us