ඩිවිලියර්ස් ලොව වේගවත්ම ශතකය, අර්ධ ශතකය වාර්තා කරයි

Published in ක්‍රීඩා
Sunday, 18 January 2015 19:08

දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඒ.බී. ඩිවිලියස් එක්දින ජාත්‍යන්තර පිටියේ වේගවත්ම ශතකය හා අර්ධ ශතකය තමන් සතුකර ගැනීමට අද සමත් විය. ඒ කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින තරගයේදීය.

ඩිවිලියර්ස් එක්දින අර්ධ ශතකය පන්දු 16කින් වාර්තා කළ අතර එක්දින ශතකය පන්දු 31කින් වාර්තා කළේය.

ලොව වේගවත්ම අර්ධ ශතකයට මීට ඉහතදී හිමිකම් කීවේ ශ්‍රී ලංකාවේ සනත් ජයසූරියයි. එය පන්දු 17කින් වාර්තා කර තිබුණි. ලොව වේගවත්ම ශතකයට හිමිකම් කීවේ නවසීලන්තයේ කුරේ ඇන්ඩර්සන්ය. ඔහු පන්දු 36කින් එම වාර්තාව පිහිටුවා තිබුණි.

කුරේ ඇන්ඩර්සන් පසුගිය වසරේ ජනවාරි මාසයේදී කොදෙව් කණ්ඩායමට එරෙහිව ලොව වේගවත්ම ශතකය වාර්තා කළේය.

සනත් ජයසූරිය 1996 වසරෙදී පාකිස්තානයට එරෙහිව ලොව වේගවත් එක්දින ශතකය වාර්තා කළේය.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us