2017 ආසියානු යොවුන් ක‍්‍රීඩා උලෙල හම්බන්තොටදී සහ කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබුණි. මෙම තරගාවලිය සඳහා පසුගිය නොවැම්බර් වන විට මුලික වැඩ කටයුතු ආරම්භ කරන ලෙස ශ‍්‍රී ලංකාවට දැනුම් දී තිබුණේය. එහෙත් ඒ සඳහා ශී‍්‍ර ලංකාවෙන් යහපත් ප‍්‍රතිචාරයක් නොලැබීම මත තරගාවලියේ සත්කාරකත්වය ශ‍්‍රී ලංකාවෙන් ඉවත් කර තිබේ.
මෙම තත්ත්වයත් සමග 2017 ආසියානු යොවුන් ක‍්‍රීඩා උලලේ සත්කාරකත්වය කටාර් රාජ්‍යයට හෝ වෙනත් ගල්ෆ් කලාපීය රටකට හිමිවනු ඇති බව ජාත්‍යන්තර ක‍්‍රීඩා වර්තා අනාවරණ කරයි.