ඩිල්ෂාන්ගේ සුපිරි ඉනිමෙන් තරඟාවලිය සමයි

Published in ක්‍රීඩා
Friday, 16 January 2015 09:00

නවසීලන්තයේ හැමිල්ටන් නුවර සෙඩන් පාර්ක් (Seddon Park) හි පැවති සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්තය කණ්ඩායම අතර දෙවැනි එක්දින තරඟයෙන් කඩුලු 6ක ජයක් ලබන්නට සංචාරක ශ්‍රී කණ්ඩායම ඊයේ සමත් වුහ. 

 
කාසියේ වාසිය දිනාගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසිලන්ත ක්‍රීඩකයින් සිය පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 248ක් ලබාගත්හ. නායක බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 99 කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 12ක් සමගින් ලකුණු 117ක් ලබාගත්තේය. ඒ ඔහුගේ 5 වන එක්දින ජාත්‍යන්තර ශතකයයි.  පන්දුවට පහර දීමේදී නවසීලන්තය වෙනුවෙන් රොස් ටේලර් 34ක්ද ලබාගත්හ. ශ්‍රී ලංකා පන්දු රකින්නන් විසින්  නවසිලන්ත පිතිකරුවන් 4 දෙනෙකුම දුවද්දී දැවියාම්වලට හසුකර ගැනීම කැපිපෙන සිදුවීමක්ද විය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සචිත්‍ර සේනානායක හා රංගන හේරත් කඩුලු දෙක බැගින් ලබාගත්හ.
 
ලකුණු 249ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුන්වන්ගේ පළමු කඩුල්ල ලෙස මුළු ලකුණු සංඛ්‍යාව 64ක්ව තිබියදී  දිමුත් කරුණාරත්න ලකුණු 21 කදී දවාගත්හ. පසු ඩිල්ෂාන් සමගින් පිටියේ එක් වුනු කුමාර සංගක්කර දෙවන කඩුල්ල ලෙස ලකුණු 38 ලබාගෙන දැවී ගියේය. මහේල ජයවර්ධනට රැස්කරගත හැකි වුයේ ලකුණු 27ක් පමණි. 4 වෙනි කඩුල්ල සඳහා ලකුණු 74 කැ සබඳතාවක් නායක ඇන්ජෙලෝ මැතිවුස් සමගනි ගොඩනැගු ඩිල්ෂාන් සිය එක්දින ක්‍රිකට් දිවියේ 19 වන ශතකය ලබාගනිමින් ලකුණු 116 කට දැවී ගියේය. 47 වන පන්දුවාරයේදී square leg කලාපයට නායක මැතිවුස් එල්ල කල හතරේ පහරත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන එක්දින තරඟයේ ජය තහවුරු කර ගත්හ.  තරඟයේ වීරයා සම්මානය තිලකරත්න ඩිල්ෂාන් විසින් හිමිකරගත් අතර ශ්‍රී ලංකාව 1 -1 ලෙස තරගාවලිය සම කරගෙන සිටියි. දෙරට අතර 3 වන තරඟය එළඹෙන 17 වනදා ඕක්ලන්ඩ් හිදී පැවැත්වීමට නියමිතය.
 
මහේෂ් මධුසංක

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us