බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සජබ මන්ත්‍රීවරු අත්සන් තැබූ විශ්වාසභංග යෝජනාව හෙට (22) දින කථානායකවරයාට භාරදෙන බව සමගි ජන බලවේගය පවසයි. මේ බව එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

කොළඹ නගරයේ නිතර පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත ඉදිකෙරෙමින් පවතින රථගාල් දොළහේ ව්‍යාපෘතියේ හතරවන රථගාල කොළඹ – 11 අබ්දුල් කාදර් මාවතේ (ගෝල්ඩ් සෙන්ටර් ආසන්නයේ) ඉදිකිරීමේ කටයුතු පසුගිය 20 වැනි දින ආරම්භ විය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අධ්‍යනය කර ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා නව නීති සම්පාදනය කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය සූදානම් වෙයි.

එරාවුර් නගරයේ දී සංචරණ සීමා නොතැකූ පිරිසක් නගරය මැද දණගැස්වීමේ සිද්ධියට සම්බන්ධ වූ යුද හමුදා සෙබළුන් සම්බන්ධව යුද හමුදා පොලිස් කණ්ඩායමක් පිටත්කර විමර්ශනයක් ආරම්භ කිරීමට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පියවර ගෙන තිබෙනවා.

ගෑස් මිල ඉහළ දැමීමක් සිදුනොකළ යුතු බවට ඒ පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ අමාත්‍ය අනු කමිටුව තීරණය කර තිබේ.

එරාවුර් නගරයේ දී සංචරණ සීමා නොතැකූ පිරිසක් නගරය මැද දණගැස්වීමේ සිද්ධියට සම්බන්ධ වූ යුද හමුදා සෙබළුන් සම්බන්ධව යුද හමුදා පාලිස් කණ්ඩායමක් පිටත්කර විමර්ශනයක් ආරම්භ කිරීමට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පියවර ගෙන තිබෙනවා.

හෙට (21) දින රට විවෘත වන්නේ සීමාවන්ට යටත්ව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

දුම්රිය ධාවනය යළි ලබන 21 වනදා සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසුවේ සංචරණ සීමා ඉවත් කිරීමත් සමග දුම්රියන් යළි ධාවනයට යොදවන බවයි.

කෙසේ වෙතත් පළාත් අතර සංචරණ සීමා පවතින හෙයින් මීට පෙර පළාත් අතර ක්‍රියාත්මක වූ ආකාරයට මෙවර ද දුම්රිය ධාවනය කටයුතු සිදුකෙරෙන බව ගාමිණී සෙනෙවිරත්න මහතා සදහන් කර සිටියේ.

-පංචාලි අබේසේකර

ld add copy

Connet With Us