ආණ්ඩුව බෞද්ධයින්ට පාංශුකූලයත් අහිමි කර ඇති බවත්, මේක සියලු පුරවැසියන්ගේ ප්‍රශ්නයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.

බන්ධනාගාර තුල ඇති වන ගැටුම් නැවත්වීම සදහා විශේෂ බුද්ධි ඒකකයක් පිහිටුවීමට කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසනවා.

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට කම්කරු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබේනවා.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව නිෂ්පාදනාගාරය විවෘත කිරීම සහ නව ඖෂධයක් නිෂ්පාදනය ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවට වඩා සුවය ලබා රෝහල්වලින් පිටව යන සංඛ්‍යාව වැඩි බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා.

මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කළ කමිටුවේ පූර්ණ වාර්තාව එළඹෙන 30 වැනිදා විෂය භාර අමාත්‍යවරයා වෙත භාරදීමට නියමිතයි.

රැවටිලිකාර දේශපාලනයට ආයුෂ නැති බවත්, ආණ්ඩුවට නුදුරේදීම එය අත් විදින්නට සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය වෙනත් රටකට විකිණීමේ කිසිඳු සැලසුමක් නැති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජනරාල් දයා රත්නායක මහතා පවසනවා.

ld add copy

Connet With Us