බුද්ධියේ විමසුමට ! 

Published in පුවත්
Saturday, 02 April 2022 20:54

රටේ පුරවැසියන්ට උද්ඝෝෂණ කිරීමට අයිතියක් ඇතත් රටේ සුභ සිද්ධියට හානි කරමින් රට අරාජික කිරීමේ අයිතියක් නැත. රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ අයිතිය ජනතාව සතුය.

යම් පුරවැසියන් කණ්ඩායමක් එදා ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිට හැසිරුණ ආකාරයට හැසිරෙනවා නම් සමස්ත පුරවැසියන්ගේ අයිතීන් රැකීමත් රජයක යුතුකමක් වන්නේය. එහිදි ගන්නා ක්‍රියාමාර්ග අඩු වැඩියෙන් විවේචනයට ලක්වීමත් සාමාන්‍ය තත්වයක් ලෙස දැකිය හැකිය.

මොන යම් හෝ අරගලයකදී සීලාචාර ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දේශපාලන අන්තවාදී නොවන ක්‍රියාමාර්ගවලින් ප්‍රශ්න විසඳා ගැනීමයි අවශ්‍ය වන්නේය. එහෙත් එම රාමුව තුළින් බැහැර වෙන විට එය පාලනය කිරීම උදෙසා යම් මර්දන ක්‍රියාවලියක් කිරීමට සිදු වීම සාධාරණය.

රටක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් සේම රටක නීතියක් ද තිබේ. රටේ නීතියට ගරු කරමින් ඕනෑම අයකුට තමන්ගේ විරෝධතාව සාමකාමී අයුරින් පැවැත්විය හැකිය. මේ වන විට රටේ ඇත්ත ජනතා ප්‍රශ්ණ කිහිපයක් ඇති බව අප හොදින්ම දන්නා කරුණකි. ඒවාට උත්තර සෙවීමට අරගල කිරීමට ඕනෑම පුරවැසියෙකුට ඉඩ ඇත. එහෙත් ඕනෑම රටක උද්ඝෝෂණ, පෙළපාළි පැවැත්වීමට පුරවැසියාට අයිතියක් තිබුණ ද, පොදු දේපළවලට හානි කිරීම සහ සාමාන්‍ය ජනතාව අපහසුතාවට පත් වන ආකාරයට හැසිරීමට කිසිදු අයිතියක් නැත..

තමා වෙනුවෙන් මිස අනුන් වෙනුවෙන් පාරට නොබසින වත්මන් ලෝකයේ කිසිදු රටක ජනතා විප්ලවයක් සිදුවනු ඇතැයි සිතීම උගහටය. වීදි බැස උද්ඝෝෂණ කිරීමට ලැබී ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරමින් විසිහතර පැය පුරා අඛණ්ඩව විරෝධතාවේ නිරත වීමට ඕනෑම රටක ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක ඉඩ තිබේ. එය ශ්‍රී ලංකාවේ ද ඉන්දියාවේ ද නොඑසේ නම් පාකිස්තානයේ ද කියා වැදගත් නැත. වැදගත් වන්නේ විරෝධතාව, උද්ඝෝෂණය මඟින් කෙතරම් දුරට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන්නේදැයි පමණි. දේපළ විනාශ කිරීම, ඒවා ගිනි තැබීම හා සාමය ආරක්ෂා කරන ආරක්ෂක අංශයට පහරදීම සිදු නොවන තාක් කල් එය ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයක් ගනු ඇත.

එතෙක් කිසියම් අවස්ථාවක එය බිඳී වැටෙන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදය අබිබවා ප්‍රචණ්ඩත්වය, ඉස්මතු වී ප්‍රකෝපකාරී ලෙස හැසිරෙන්නේ නම්, එය පටු චේතනාවකින් යුතුව කටයුතු කරන බොහෝ පටු දේශපාලනඥයන්ට උඩගෙඩි දීමකි. ජනතාව වෙනුවෙන් හඬක් නැඟීමට තරම් ශක්තියක් නැති ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂවල නායකයන්ට උඩගෙඩි දීමකි.

ජනතා උද්ඝෝෂණ මඟින් සිය පටු අරමුණු සාර්ථක කර ගැනීමට කුරුමානම් අල්ලන එවැනි දුර්වල දේශපාලන නායකයෝ ජනතාවගේ කර මතින් බලය අල්ලා ගැනීමට වෙර දරති. එය අවබෝධ කර ගැනීම වටී.

අතින් අතට ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පිට පැන පවත්වන හිංසාකාරී උද්ඝෝෂණ හා විරෝධතා අන්තර්ජාතික බලවේග සක්‍රීය කරවන්නකි. රජයට හෝ රාජ්‍ය නායකයාට එරෙහිව උද්ඝෝෂණ කිරීමට හෝ වීදි බැස විරෝධතා පැවැත්වීමට ප්‍රජාතන්ත්‍රවාදී රටක ලැබී ඇති නිදහස හා අයිතිය ආරක්ෂා කර ගත යුතුය. ජනතා පිබිදීමක සාර්ථක අසාර්ථකත්වය රඳා පවතින්නේ එවැනි දේවල බව අප යළිත් තහවුරු කරන්නෙමු.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us