ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා අද දින උදැසන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හමුවට පැමිණි රාජපක්ෂ පවුලේ සමීපතමයකු හා ශ්‍රීලනිප ඇමතිවරයකු කළ යෝජනාව සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේපකර ඇතැයි වාර්තාවේ.

ඊයේ(11) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ පසුගිය පාලන සාමය තුල අධ්‍යාපන අමාත්‍යංශය  සඳහා  පරිගණක 60000ක් මිලදී ගැනීමේදී  සිදු වූ වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹීමට නියමිත බවයි.

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා වන විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දැනට ඉදිරිපත් වී ඇති යෝජනා පිළිබඳව දෙමළ ජාතික සන්ධානය අප්‍රසාදය පළ කරයි.

වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද තමන්ගේ බලය රැකගැනීම සඳහා ජනවරමට පයින් ගසා හිටපු ජනාධිපතිවරයාගේම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

ළමා මෙහෙකාර සේවය පිටු දැකීමේ දිනය අදට යෙදී තිබේ.ළමයින් මෙහෙකාර සේවයේ යෙදවීමට එරෙහිව සහ ළමා මට්ටමට දැරිය නොහැකි ලෙස දරුවන් හිංසාකාරීව කුමන කටයුත්තකට යොදවා ගත්තද ජනතාව ඊට එරෙහිව කටයුතු කළ යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලබන 16 වන දින විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

නාමල් CIDයට එයි

Published in පුවත්
Friday, 12 June 2015 10:15

හිටපු ජනපති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

විසි වැනි සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීමට තවත් විශේෂ කැබිනට් මණ්ඩල හමුවක් හෙට (12) දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැඳවා අැත.එහිදී 20 වැනි සංශෝධනය පිළිබඳව අවසන් තීරණයකට එළැඹීමට නියමිතය.

worky

worky1

ld add copy

Latest News

වාහන මිල අඩු වෙයි ද?

වාහන මිල අඩු වෙයි ද?

ඉදිරියේදී අදියර හතරක් යටතේ වාහන ආනයනය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රං...

Connet With Us