යාපනයේ නැගෙනහිර අල්වායි ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි  වයෝවෘද කාන්තාවක් ඝාතනයට ලක්වී තිබුණේ පසුගියදා. තනිව සිය ජීවිකාව ගෙන ගිය මෙම කාන්තාව 75,000ක පමණ වැටුපක් ගෙවමින් මෙහෙකාරියක් නිවසේ රඳවාගෙන තිබෙන්නේ තමන්ගේ සුවපහසුව සඳහාය.

මෙවර නිකුත් වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ඉහළම ලකුණු ලැබූ දරුවන් 05 දෙනෙකු ගැන වාර්තා වී ඇත.

කාර්මික දෝෂයකට ලක්ව දක්ෂිණ අධිවේගී මාර්ගයේ නතර කර තිබුණු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගේ ජීප් රථය ලොරි රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

අයවැය පරාජයට පත් වීම යළි රට ආපස්සට හැරවීමක් බවත්, එවන්නක් සිදු කිරීමට පාර්ලිමේන්තුව තුළ සිටින කිසිදු මන්ත්‍රීවරයකුට අවශ්‍යව ඇතැයි තමා නොසිතන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසා ඇත.

සීනි සහ තිරිගු පිටි ආනයන සීමා සහ බදු සංශෝධන හේතුවෙන් බදු ආදායම් අහිමිවීම පිළිබඳ අවධානය යොමුකර ඒවා යළි අය කරගැනීමට ඇති හැකියාව පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.

කාගේත් අවධානය දිනාගත් ඇන්තනී පවුලේ අදත් විශේෂ දවසක්...

ඒ බුවී ගේ උපන්දිනය?

සැමරුම් අඩු නැති ඇන්තනී පවුලේ සජිතගේ හුරුබුහුටි බිරිඳ බුවී වෙනුවෙන් එක්කළ ආදරණීය උපන්දින සැමරුම...

" සුභම සුභ වාසනාවන්ත උපන්දිනයක් වේවා මැණිකේ. ඉක්මනින් හමුවී සමරමු. ❤️"

ළඟ නොරැඳුනත් මේ වගේ ආදරණීය සටහනක් එක්ක ආදරණීය බලාපොරොත්තුවක් එක්කරන්න සජිත අමතක කරලා තිබුණේ නැහැ...

බුවිට සුබ උපන්දිනයක් !

ගෙවී ගිය මාස තුනක කාලය තුළ නීති විරෝධී කුෂ් සහ හශීස් යන මත්ද්‍රව්‍ය ඇතුළත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50ක් රේගු භාරයට ගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

දැනට අත්‍යවශ්‍ය ඖෂධ 100ක් මිල පාලනයට යටත් කර ඇති බැවින් තවත් ඖෂධ 100කට මිල පාලනයක් වහාම ගෙන ඒමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ පාර්ලිමේන්තුවේදී ඊයේ (16) පැවසීය.

ld add copy

Connet With Us