වන අලි - මිනිස් ගැටුම් පාලනය කිරීම සඳහා ජනාධිපතිතුමා පත්කළ විශේෂ කමිටු නිර්දේශවලට අනුව යමින් අලිවැට නඩත්තු කිරීම, ප්‍රජා දායකත්වය සහ ප්‍රාදේශීය පාර්ශ්වකරුවන්ගේ දායකත්වය සහිත ස්වේච්ඡා බලකායකට පැවරීමේ නියමු ව්‍යාපෘතිය කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බලධාරීන්ට උපදෙස් දී තිබේ.

කොවිඩ් 19 වසංගතය ශ්‍රී ලංකාවේ පැතිර ගොස් ඇති නමුත් මේ වසරේ මුල් භාගය තුළ හම්බන්තොට වරායේ නාවික භාණ්ඩ හැසිරවීමේ ප්‍රමාණය විශාල වශයෙන් වර්ධනය වී ඇත.

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සේවකයන් විසින් රාජකාරි ඉටු කිරීමේ දී සද්භාවයෙන් යුතුව ගන්නා ලද ක්‍රියාමාර්ගවලට අදාළව එම සේවකයන් සඳහා සුදුසු ආරක්ෂාවක් ලබාදීම පිණිස නීති කෙටුම්පත් සකස් කරන ලෙස අගරමත්ය මහින්ද රාජපක්ෂ නීති කෙටුම්පත් සම්පාදකයින්ට උපදෙස් දී තිබෙනවා.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ අතුරලියේ රතන හිමියන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූර බලරහිත කරන ලෙස ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින්ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේනවා.

ඊයේ (13) දිනය තුළ පුද්ගලයින් 337,445ක් සඳහා එන්නත් ලබා දෙමින් මෙරට වැඩිම දෛනික කොවිඩ් මර්දන එන්නත්කරණය සිදුකර තිබෙන බව වාර්තා වේ.

කොරෝනා වසංගත තත්වය පැවැති 2020 වර්ෂයේදී පවත්වා ඇති වැඩ වර්ජන 28කින් මිනිස් දින විසි දෙදහස් පන් සිය අනූවක් (22,590) රටට අහිමි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මුතුරාජවෙල රක්ෂිත අභය භූමි කලාපය තුළ සිදුකෙරෙන වැලි ගොඩදැමීම, ඉඩම් කට්ටි කිරීම,නවසර ඉදිකිරීම් මෙන්ම නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීමට දින නියම කර තිබේනවා .

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සීඝ්‍රයෙන් පැතිර යන සිකා වෛරසය මෙරටට ඇතුළු වීම වළක්වා ගැනීමට බලධාරීන් දැඩි අවදානයක් යොමු කල යුතු බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අවධාරණය කරයි.

ld add copy

Connet With Us