එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසයි.

මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසූවේය.

ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2007 අංක 48 දරණ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත අත්හිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ දැනට ක්‍රියාත්මක වන අධිවේගී මාර්ග සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් වෙත පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මේ වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ පොල් වතුර අපනයනයෙන් රු. මිලියන 3,439 ක් බව පොල් සංවර්ධන අධිකාරිය (CDA) පවසයි..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වත්මන් ණය ප්‍රතිව්‍යුගතකරණ ක්‍රියාවලිය තම ආණ්ඩුවක් යටතේ නැවත සමාලෝචනය කරන බවත් ණය ආපසු ගෙවීමේදී ඒ සෑම ණය ගිවිසුමක්ම නැවත සමාලෝචනය කිරීමේ අයිතියක් තමන්ට ඇති බවත් මේ සියලු පාර්ශ්ව සමග ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ වැඩසටහනකට අලුතින්ම යාමට ද ඇතැම්විට තමන්ට සිදුවනු ඇති බවත් ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති දෙරණ රූපවාහිනි සාකච්ඡාවකිදී පවසා ඇත.

ඇගෙ සිනහව තහනම්, පෙම් බැන්ද සිත් බැන්ද, නෙළුම් විලේ කැළුම් පෙරා, හිතේ සතුට ජීවිතයේ, ගම මහනුවරයි, ගංගා නදී තීරයේ එදා, ආදී ජනප්‍රිය ගීත බොහොමයක් ගායනා කළ, කලා ලොවේ ආදරණීය ම චරිතයක් වූ
ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතාණෙනි ඔබට සුබ ගමන්..! ?

ld add copy

Connet With Us