දිස්ත්‍රික්ක 15ක වී වගාවේ පළිබෝධ නාශක ඉසීම ඩ්‍රෝන තාක්ෂණයෙන්

Published in පුවත්
Monday, 20 May 2024 11:14

මෙවර යල කන්නයේදී දිස්ත්‍රික්ක 15ක වී වගාවේ පළිබෝධ නාශක ඉසීම ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් සිදු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව හම්බන්තොට, මොණරාගල, අම්පාර, මඩකලපුව, පොලොන්නරුව,

අනුරාධපුර, කුරුණෑගල, පුත්තලම, මන්නාරම, වවුනියාව, කිළිනොච්චිය, නුරවඑළිය, මාතලේ, ත්‍රිකුණාමලය හා ගම්පහ යන දිස්ත්‍රික්කවල වී වගාව සඳහා මෙවර යල කන්නයේ දී ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් පළිබෝධනාශක ඉසීමට සැළසුම් කර තිබේ.

මේ වනවිට මෙම සෑම දිස්ත්‍රික්කයකම ගොවි ජන සේවා මධ්‍යස්ථාන සඳහා ඩ්‍රෝන යානා එකක් බැගින් ලබා දීමට කෘෂි ආංශික තාක්ෂණික සභාව විසින් කටයුතු යොදා ඇතැයි එහි සභාපති කාවින්ද දිසානායක මහතා පැවසීය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී වගා කර ඇති ගොවිබිම්වලට ඩ්‍රෝන යොදා ගනිමින් පළිබෝධනාශක ඉසීම ආරම්භ කර ඇත.

ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය නව මානයක් වෙත යොමු කරමින්, මෙරට කෘෂිකර්මාන්තය සඳහා වන ප්‍රථම ඩ්‍රෝන යානා නියමුවන් 100දෙනා විසිර යාමේ උත්සවය පසුගියදා සූරියවැව කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ ක්‍රීඩා භූමියේ දී පැවැත්විණි.

දේශීය කෘෂිකාර්මික ක්ෂේත්‍රය වෙත නවීන තාක්ෂණික උපකරණ හඳුන්වා දීමේ අරමුණින් ඩ්‍රෝන යානා 250ක් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ලංකා බැංකුව මූල්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කළ අතර, එම ව්‍යාපෘතියට අදාළ පළමු කෘෂිකාර්මික ඩ්‍රෝන යානා නියමුවන් කණ්ඩායම විසිර යාම සිදු විය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රමුඛ බලධාරීන් විසින් මෙය සැලසුම් කිරීම සිදු කර ඇත.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us