මෛත්‍රී නරිවාදන් පැත්තකින් තියලා දැන් ඡන්දයට ලැහැස්ති වෙමු.

Published in පුවත්
Tuesday, 02 May 2017 12:09

ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රීලනිපයේ බලය අත්පත් කර ගැනිමට මිස වෙනකක් වෙනුවෙන් කිසිදු අවධානයක් යොමු නොකළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තමන්ගේ ජනාධිපති කමේ කෙරුවාව දැන් වත් තේරුම් යායුතුය.

පළාත් සභා මැතිවරණයට ශ්‍රීලනිපය එකට

Published in පුවත්
Saturday, 01 April 2017 12:35

මෙම වසරේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී ශ්‍රිලනිපයේ මහින්ද පාර්ශ්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් ශ්‍රිලනිපය ලෙස තරග කිරීම සඳහා මේ වන විට එකඟතාවයකට පැමිණ ඇත.

යළි රාජපක්ෂලාව ශ්‍රිලනිපයට වද්දා නොගැනීමට දැඩි තින්දුවක්

Published in පුවත්
Tuesday, 22 November 2016 11:34

මහින්ද රාජපක්ෂ සහ එම හිතවාදින්ව නැවත ශ්‍රීලනීපය වෙත ඇඳා ගැනීම වෙනුවෙන් කළ සියලු රහසිගත සාකච්ඡා අත්හි‍ටුවීමට ජනාධිපතිවරයාගේ පාර්ශ්වය තීරණය කර ඇතැයි වාර්තාවේ.

පාතාලය යළිත් සක්‍රියවීම මහින්දගේ බංකොලොත් සැලසුමක්ද?

Published in පුවත්
Sunday, 06 March 2016 22:35

පාතාල කල්ලි නැවතත් සක්‍රීයවී ඇත. කාගේ වුවමනාවට සිදුවෙනවාදැයි නොතේරෙන තරමට තැන තැන මිනීමැරුම් සහ අතපය කැපිලි වර්ධනයවී ඇත. රටේම අවධානය නැවතත් පාතාලයේ හිස එසවීම දෙසට යොමුවෙද්දී ආණ්ඩුව තමවත් තක්බීර්වී සිටින්නේ කලයුත්තේ කුමක්ද කියා නොදැනය. එ.ජා.ප ආණ්ඩු මර්දනයන් පිළිබද නොදන්නා අතදරුවන් ලෙස පස්ස කසමින් මේ මොහොතේ සිටියත් උතුරේ දකුණේ වෙනසක් නැතිව දහස් ගණනක් ජීවිත නසා දැමූ ජන ඝාතනවලට එ.ජා.ප ආණ්ඩුවද සෘජු හා වක්‍රලෙස සම්බන්ධය. ඒ නිසා දැන් බබා පාර්ට් දාගෙන පැත්තකට වී සිටියාට පලක් නැත.

මේ ආකාරයට පාතාලය නැගී සිටීම හමුවේ ජනතාව සිතනා ආකාරය දෙවිදිහකට උපකල්පනය කල හැක. එක් ආකාරයක්නම් ජනතාවගේ පරිකල්පනය වන්නේ යහපාලන ආණ්ඩුවට පාතාලය මට්ටු කිරීමට තරම් කොන්දක් නැත, එමෙන්ම ජනාධිපතිවරයාට සද්දයක් දමා පාතාලය බයකරගැනීමට ගැම්මක් නැත යන්නය. අනෙක් උපකල්පනයනම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටියදී පාතාලයට උන්හිටිතැන් නැතිවෙන්නට බැට දුන්බවත්, දැන් මහින්ද නැති නිසා පාතාලය හිස ඔසවන බවත්ය. ඒ නිසා සරලම උපකල්පනය පාතාලය හිස එසවීම නිසා වක්‍රාකාරව මහින්දට වාසියක් ලැබෙන සාධකයක් බවයි. හරියටම “කොටි නැගිටීමේ“ බිල්ලා ලෙසින්ම පාතාලය නැගිටීමේ බිල්ලා භාවිතා කරන්නට විමල්ලාට,ගම්මන්පිලලාට,දිනේෂ්ලාට නොමිලේම චාන්ස් එකක් ලැබෙනු ඇත. ඒ නිසා මේ පාතාලය නැගිටීමේ සිදුවීම්දාමය ආණ්ඩුවේ ආරක්ෂණ ක්‍ර‍මවේදයේ අසමත්භාවය පිළිබද සැකයක් මෙන්ම මහින්දලාගේ සැලසුමක් ද යන සැකයත් ද්විත්වාකාරයෙන් මතුවෙන අවස්ථාවක් ලෙස හදුනාගත හැක.

2007 සිට 2012 ඇතුලත කාල පරිච්ඡේදය මහින්දවාදීන්ට අනුව පාතාලය කම්බස්කල කාලසීමාවක් ලෙස හැදින්වේ.ඒත් මහින්ද කලේ තමන්ට පසමිතුරු පාතාලය සහ හිතමිතුරු එහෙත් අනාගතයේ ප්‍ර‍ශ්නයක් විය හැකියැයි සිතූ පාතාලය විනාශ කිරීම සහ එසේ නොවන කොටසට පාඩුවේ සිටින්නට හැරීමය. ඒ සමාව ලැබූ පාතාලය එක්කෝ නිල නොලත් ආරක්ෂකයන් බවට පත්වීය, නැතිනම් දේශපාලනයට හෝ ව්‍යාපාරවලට අත ගැසූහ. මහින්ද බලයෙන් පහවුණ පසු නන්නත්තාරවී සිටින ඔවුන් දැන් කලඑළි බැස තිබෙන්නේ මහින්ද වෙනුවෙන්ද යන සාධාරණ සැකයක් ඇතිවීම වැලැක්විය නොහැකිය.

ගාල්ල නගර ආසන්නයේ කලක පටන් පත්තුවෙන පතාලයේ ගැටුම පිටුපස සිටින්නේද බලය අහිමිවූ දේශපාලන බලවතෙක් සහ බල්ටි ගැසූ දේශපාලඥයෙක් බව ප්‍ර‍කට කරුණකි. අනුරාධපුරයේ පාතාලය පණ ගසාඑමින් කරාටේ වසන්ත ඝාතනය කරද්දී එය පිටුපස සිටින්නේද බංකොලොත් දේශපාලන චරිතයකි. පසුගිය දිනවල සිදුවූ සිදුවීම් දෙස විමර්ශණාත්මකව බලද්දී එවැනිම චරිත බොහෝ ප්‍ර‍මාණයක් සොයාගත හැකි බව සහතිකය. ඒ නිසා පාතාලය නැගී සිටීම දේශපාලනික සටන් පාඨයක් බවට පත්කරගැනීමේ වුවමනාවක් ඇති පිරිසක් සිටින බව අමතක කලයුතු නැත.

හෙට විපක්ෂයේ වේදිකාවල “කොටි නැගිටිනවා“ වෙනුවට “පාතාලය නැගිටිනවා“ ඇසෙනවා හොදටම විශ්වාසය. ඒ තුළින් නැවත මහින්ද රාජපක්ෂ බංකොලොත් විපක්ෂයේ කාඩ්බෝඩ් චරිත කිහිපය සමග නැවත බලය උදුරාගැනීමට මුට්ටිය දමා බැලීම නිසැකය. ඒ නිසාවෙන් පාතාලයේ මේ ක්‍රියාකාරකම් මහින්දගේ දේශපාලන බලය නැවත ලගාකරගැනීමේ ප්‍ර‍යත්නයේ කොටසක් නොවේයැයි කාහට තර්කකල හැකිද. අනිත් පැත්තෙන් වත්මන් ආණ්ඩුවේ දියාරු වැඩපිළිවෙල නිසා පාතාලයේ නැවත නැගීසිටීමට නිසි පිළිතුරක් ලබාදීමට නොහැකිව ඇත. විශේෂයෙන්ම පාතාලයට එරෙහිව ක්‍රියාත්මකවූ පෑලියගොඩ අපරාධ කොට්ටාශය, මිරිහාන විශේෂ විමර්ශණ ඒකකය, කොළඹ අපරාධ කොට්ටාශය වැනි ආයතන සම්පූර්ණයෙන්ම කඩාවැටී ඇති අතර ඒවා නැවත සක්‍රීය කිරීමට තවමත් ආණ්ඩුවේ සූදානමක් නැත.

දැනගන්නට ලැබී ඇති පරිදි පාතාල කල්ලි 15ක් පමණ නැවත සක්‍රීයව ඇත. කොළඹ, මිගමුව, ගාල්ල, තංගල්ල, වීරකැටිය වැනි ප්‍රදේශවල ඒවා දැඩිලෙස ක්‍රියාත්මක වෙයි. අනිත් පැත්තෙන් ඉස්ලාමීය අන්තවාදී කල්ලි කාතන්කුඩි,සමන්තුරේ සහ කන්තලේ යන ප්‍රදේශවල නිදැල්ලේ හැසිරෙන තත්ත්වයක් උද්ගතව ඇත. පොලීසිය තුල දක්ෂ නිලධාරීන් ඒවා මර්දනය සදහා යොදවා ඇත. ආණ්ඩුව හොරුන්ට එරෙහිව කටයුතු කරනා උදාසීන සහ මෙගාඩීල් මානසිකත්වයෙන්ම පාතාලයටද උත්තර දෙන අයුරු පෙනෙන්නට ඇත. ඒ නිසාවෙන් පාතාලය සාධකයක් කරගෙන දේශපාලන ගමන හදාගන්නට දගලන ඇත්තන්ට එරෙහිවද කණේ පාරක් දෙන්නට ඇති අවස්ථාව ආණ්ඩුව අහිමිකරගෙන ඇත.

සජිත්ගේ මඩ පෝස්ටර් ගැසූ මුද්‍රණාලය සීල්

Published in පුවත්
Friday, 26 December 2014 12:14

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එජාප පළාත් සභා මන්ත්‍රී මයන්ත දිසානායක මහතා අතර ගැටුමක් නිර්මාණය වන ආකාරයෙන් නිර්මාණය කොට තිබූ මඩ පෝස්ටර් තොගයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Page 2 of 2

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us