රුවන්, ආරක්ෂක අමාත්‍යංශයෙන් යන්න බෑ කියයි

Published in පුවත්
Tuesday, 17 February 2015 11:58

පසුගියදා අප විසින් හෙළිදරව් කළ පරිදි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාට සිය කාර්යාලය ආරක්ෂක අමාත්‍යාංශ ගොඩනැගිල්ලෙන් වෙනත් ස්ථානයකට ‍රැගෙන යන ලෙසද උපදෙස් දී තිබුණද ඔහු ඒ ප්‍රතික්ෂේප කර ඇත.

රුවන් විජේවර්ධන මහතා ඊට විරෝධය පළ කරමින් සදහන් කර ඇත්තේ තමන් කොළඹ කො‍ටුවේ ආරක්ෂක අමාත්‍යාංශ ගොඩනැගිල්ලෙන් ඉවත් නොවන බවත් තමන්ගේ කාර්යාලය ආරක්ෂක අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ ස්ථාපනය කිරීමට අවශ්‍ය බවත්ය.

මේ අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාට අයත් ආයතන සංඛාව අඩු කරමින් ඔහුගේ විෂය පථය සීමා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීමත් සමග ජනපතිවරයා සහ රනිල් පාර්ශ්වය අතර ගැ‍ටුමක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයා විසින් පසුගියදා සිය බෑණා වන තිළිණ සුරංජිත් ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරීවරයා වශයෙන් පත් කරනු ලැබූ අතර මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් ලෙස විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂවද පත් කරන ලදී.මේ සම්බන්ධයෙන්ද විරෝධයක් මතුව ඇත.

වාර්තා සදහන් කරන ආකාරයට මෙසේ රුවන් විජේවර්ධන මහතාට එරෙහි කටයුතු ආරම්භ වී ඇත්තේ පසුගිය දා ඔහු උතුරේ කළ සංචාරයෙන් අනතුරුවය. එම සංචාරයට දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක් ලැබී තිබුණු අතර ජනාධිපතිවරයාගේ පාර්ශ්වය ඉන් යම් තැතිගැන්මකට පත්ව ඇතැයි පැවසේ.

රුවන් විජේවර්ධන මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මස්සිනා වන අතර විජේවර්ධන මහතාගේ සියලු කටයුතු වලට පුළුල් ප්‍රචාරයක් ලැබෙනුයේද වික්‍රමසිංහ මහතාගේ මැදිහත් වීමෙනි.


සැබැඳි පුවත්:


රුවන් ආරක්ෂක අමාත්‍යංශයෙන් දොට්ට

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us