එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තනතුරු වෙනසක්

Published in පුවත්
Tuesday, 17 February 2015 11:39

මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස කටයුතු කළ පක්ෂ 14 ක් වෙන වෙනම කටයුතු කරන්නට වීමෙන් එම සන්ධානයේ පැවැත්ම අවිනිශ්චිත වී තිබේ. මෙම තත්වය සලකා බලා සන්ධානය විසුරුවා හැරීම හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය හා එකඟව කටයුතු කරන ඉතිරි පක්ෂ කිහිපයක් සමඟ නව තනතුරු වෙනස්කම් සහිතව පවත්වාගෙන යාම හෝ නුදුරේම සිදු වීමට නියමිතය.

මේවන විට ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, නව වමාංශික පෙරමුණ, සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය මේ වන විට සන්ධානයෙන් බැහැරව කටයුතු කරමින් සිටින අතර අනෙකුත් පක්ෂ ගණනාවක්ම අක්‍රීයව සිටී.

මේ සම්බන්ධයෙන්, එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පක්ෂ 14 ක් තරග කළ අතර එහි බහුතර බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව තිබෙන බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මෙතෙක් කටයුතු කළ කිසිදු පක්ෂයක් ඉවත් වී කටයුතු කරන බවට මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති බවද ශ්‍රී ලනීප ජාතික සංවිධායක හා සන්ධානයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කළ පක්ෂවලට තනි තනිවම හෝ පක්ෂ කිහිපයක් එකතුව තමන් දරන දේශපාලන මතය ප්‍රකාශ කිරීමට හැකියාව තිබුණත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම හෝ බුලත් කොළය ලකුණ යටතේ එම කණ්ඩායම්වලට වෙනම ශ්‍රී ලනීපය නොමැතිව මැතිවරණවලට ඉදිරිපත් විය නොහැකි බවද ඔහු පවසා සිටියේය.

මෙම මස 18 වැනිදා නුගේගොඩදී පක්ෂ කිහිපයක් එක්ව සිදුකරන රැලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙතෙක් ආරාධනා ලැබී නොමැති බවත්, එවන් තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පිරිස් එම ස්ථානයට ගියා කියා සන්ධානයට කිසිදු ප්‍රශ්නයක් නොමැති බවද ඔහු පවසයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us