මානව හිමිකම් වාර්තාව ප්‍රමාද කිරීම ගැන උදම් අනන්න එපා

Published in පුවත්
Tuesday, 17 February 2015 10:54

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජීනිවා මානව හිමිකම් කවුන්සිලයට ලබන මාර්තු මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ යුද අපරාධ චෝදනාවලට අදාළ වාර්තාව 2015 සැප්තැම්බර් මාසය තෙක් ප්‍රමාද කිරීම චෝදනාලත් පාර්ශවයන්ට ඉන් පළායෑමට ඉඩ සැලැස්වීමක් නොවන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධාන පවසයි.

මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳව ශ්‍රී ලංකාව යුත්තිය අපේක්ෂා කරන බවත්, ලිංගික අපචාර ඇතුළු වධ හිංසා මගින් දිවි ගලවාගත් අය මෙන්ම අතුරුදහන් කරන ලද පුද්ගලයින්ගේ පවුලේ උදවිය ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මෙම වාර්තාව එනතුරු බලා සිටි බවත්, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ආසියා- පැසිෆික් අධ්‍යක්ෂ රිචඩ් බෙනඩ් මහතා කියයි.


ප්‍රමාදය සාධාරණීකරණය කළ හැකි නමුත් එම ප්‍රමාදය පවා‍ ශක්තිමත් වාර්තාවක් සකස් කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසා ඇතැයි ඔහු පෙන්වා දෙයි.


ඒ අනුව ගැටුම් පැවති කාලයේදී සිදුවු අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින් නීතිය ඉදිරියට ගෙන ඒමට ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සහයෝගයෙන් ක්‍රියා කළ යුතු බව ඔහු සඳහන් කරයි.


එසේම මීට අදාළව සාක්ෂි ලබා දෙන පුද්ගලයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දැඩි අධිෂ්ඨානයෙන් ක්‍රියා කළ යුතු බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙයි.


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජීනිවා මානව හිමිකම් කවුන්සිලයට ලබන මාර්තු මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ යුද අපරාධ චෝදනාවලට අදාළ වාර්තාව 2015 සැප්තැම්බර් මාසය තෙක් කල් තැබීමට ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා තීරණය කළ බව ඊයේ වාර්තා විය.

adaderana

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us