නව යුද හමුදාපති රඹුක්පොත !

Published in පුවත්
Tuesday, 17 February 2015 10:48

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ සේවා කාලය මේ මස 21 වැනිදායින් අවසන්වීම නියමිතය. ඔහු විශ්‍රාම යාමෙන් පසු හිස්වන යුද හමුදාපති තනතුර සඳහා මේජර් ජනරාල් ජේ.සී. රඹුක්පොත මහතා පත්කිරීමට නියමිත බව ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුව යුද හමුදා මූලස්ථානයට කැඳවා තිබේ.

නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු යුද හමුදාව තුළ සිදුකරන ප්‍රධාන ප්‍රතිසංස්කරණ වශයෙන් මේජර් ජෙනරාල්වරුන් 15 දෙනෙකු හා බ්‍රිගේඩියර්වරුන් තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීමි ලබාදීමට ජනාධිපතිවරයා ඊයේ (16) නියෝග කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දීය සංචාරය ආරම්භ කිරීමට මත්තෙන් මෙම ප්‍රධාන නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදීම පිළිබඳ සකස්කර ඇති ලේඛනයට අනුමැතිය ලබාදී තිබේ. ඉන් අනතුරුව යුද හමුදාපති දයා රත්නායක මහතා එය ඊයේ දිනයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි බලාත්මක කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us