තාජුදීන්ට වුණු දේ වෙයි කියල ඇමැති රොෂාන් බය වුණාද? රග්බි සභාපතිව පැන්නුවේ ඇයි?

Published in පුවත්
Friday, 09 December 2022 10:05

ක්‍රීඩා ඇමැති රෝෂාන් රණසිංහ හිටි හැටියෙම කිසිදු සාධාරණ හේතු දැක්වීමකින් තොරව ශ්‍රි ලංකා රග්බි සම්මේලනයේ සභාපති රිස්ලි ඉල්ලියාස් එම සභාපති තනතුරෙන් පහ කිරීමට කටයුතු කර ඇත. අන්තර් සමාජීය ලීග් තරගාවලිය අද දින ආරම්භ කිරීමට සියලු කටයුතු රග්බි සම්මේලනය සුදානම් කර තිබියදී ඊයේ රාත්‍රියේදි මෙම අමනෝඥ තීරණය ක්‍රීඩා ඇමැතිවරයා විසින් ගෙන තිබේ.

මෙහිදී හේතු වශයෙන් දක්වා ඇත්තේ රග්බි සම්මේලනයේ වෙනත් ගැටළුවක් සම්බන්ධයෙන් ආසියානු රග්බි සම්මේලනය විසින් පරීක්ෂණයක් පැවැත්වීම නිසා ඔහුව තනතුරෙන් ඉවත් කිරීමක් ගැනය. නමුත් එම හේතුව නිසා නම් ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රියාත්මක වූයේ, රග්බි සම්මේලනයේ අනෙක් නිලධාරීන්ටත් තහංචි දැමිය යුතුය. එහෙත් සභාපතිවරයා පමණක් ඉලක්ක කර ඔහුව ධුරයෙන් ඉවත් කිරීම මුළුමනින්ම රග්බි ක්‍රීඩාවට අරක් ගෙන සිටින් පවුල් මා‍ෆියාවේ වුමණාව ඉ‍ටු කිරීමක් බව පැහැදිලිය. එමෙන්ම මෙය ක්‍රීඩාවට කළ අයුතු දේශපාලනික බලපෑමකි. ක්‍රීඩා අමත්‍යංශ මට්ටමින් හෝ මෙම ගැටළුව විසඳා ගැනීමට කටයුතු නොකර කෙලින්ම ආසියානු රග්බි සම්මේලනයට මෙම පැමිණිල්ල ගොනු කිරීමද මේ මාෆියාවේ කටයුත්තක් බව අණාවරණය වී තිබේ. 

මීට පෙර අප පල කළ පුවතකින් පෙන්වා දුන්නේ මෙම ලීග් තරගාවලිය කඩාකප්පල් කිරීම සඳහා විනිසුරුවරුන්ගේ සංගමය යොදාගෙන රග්බි පවුල් මා‍ෆියාව කටයුතු කළ තුච්ඡ ආකාරය ගැනය. නමුත් එම ගැටළුව ඉතා හොඳින් විසඳාගෙන විනිසුරුවරුන් තරගාවලියට සම්බන්ධ කරගැනීමට සභාපතිවරයා ඇතුළු වත්මන් නිලධාරීන් සමත්ව තිබිණි.

එම ගැටළුව විසඳා දින දෙකක් ගත වන්නටත් පෙර ක්‍රීඩා ඇමැතිවරයා මෙම පියවර ගත්තේ රග්බි පවුල් මා‍ෆියාව නැමැති චෞර වලල්ලේ බලපෑමට බව සැකයක් නැත. හිටපු සභාපතිවරුන් වන අසංග සෙනෙවිරත්න. ලසන්ත ගුණරත්න සහ රගර් ක්‍රීඩාවෙන්ම හම්බ කරගෙන කන , රගර් ක්‍රීඩා භාණඩ වෙලදාමේ යෙදෙන ,හිටපු තරඟ තීරකයකු  ප්‍රමුඛ කණ්ඩායම මේ පවුල් මා‍ෆියාවේ මුල්පෙළේ ක්‍රියාකාරින් වන අතර වත්මන් සභාපති සහ නිලධාරී මණ්ඩලය රගර් ක්‍රීඩාව මේ පවුල් මාෆියාවෙන් මුදවාගෙන එය දියුණු කිරීමට 2020 වසරේ සිට ගත් උත්සාහයයන් නිරන්තරයෙන්ම කඩාකප්පල් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව රගර් ක්ෂේත්‍රයට රහසක් නොවේ.

රගර් යනු එක පවුලක බූදලයක් නොවිය යුත්තකි. එහෙත් එය එසේ සිදුව තිබිණි. ඒ වෙනුවෙන් ඝාතන, පහර දීම්, තර්ජනය කිරීම්, අල්ලස් දීම් ආදී අපරාධ රැසක් පසුගිය සමයේ සිදුව තිබිණි. ඇමැති රොෂාන් රණසිංහ අද බිය වී සිටින්නේ මේ අපරාධකාරී මා‍ෆියාවටය. කොහොම නමුත් මෙය බිය වීමක්ද නැතිනම් හිතෛශීවීමක්ද කියන සැකයද තිබේ. මන්ද රොෂාන් රණසිංහලාගෙ තක්කඩි දේශපාලනය තුළ මේවා විය හැකි බැවිනි.

අනෙක් වැදගත්ම කාරණය, ක්‍රීඩා ඇමැතිවරයා ලෙස රොෂාන් රණසිංහ පත් වූවද ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් රොෂාන් මෙතෙක් කළ අල බෝලයක් නැතිවීමය. කළේම බොරු සංදර්ශනයන්ය. එය වෙනම ගෙන කතා කළ යුතුය. ක්‍රීඩාව නොදන්නා හිපා‍ටුවෙකුට ක්‍රීඩාව සංවර්ධනය කරන්න බාර දුන් විට සිදුවියහැකි දේ අද සිදුව තිබේ.

Last modified on Friday, 09 December 2022 10:12

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us