ශ්‍රී ලංකා රග්බි විනාශ කරන පිල්ලිය තවම ක්‍රියාත්මකයි

Published in පුවත්
Wednesday, 07 December 2022 22:31

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022/23 රග්බි ලීග් තරගාවලිය ආසන්නයේ තබාගෙන රග්බි විනිසුරුකරුවන්ගේ සංගමය එම තරගාවලිය වර්ජනය කිරීමට ගත් තීරණය පි‍ටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මකව ඇති බවට තොරතුරු වාර්තා වේ.

රග්බි සංගමය විසින් වසර කිහිපයකට පෙර විනිසුරු සංගමයට ලැබිය යුතු වූ රුපියල් මිලියන 6.9 ක හිඟ මුදලක් ගෙවීම පැහැර හැර තිබූ අතර, පසුගියදා එය ඉල්ලා විනිසුරු සංගමය මෙම වර්ජනය ක්‍රියාත්මක කර තරගාවලිය කඩාකල්පල් කිරීමට සූදානම්ව සිටියේය. එහෙත් මේ වන විට එය සමතයකට පත් කරගැනිමට ශ්‍රි ලංකා රග්බි සංගමයේ වත්මන් සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලයට හැකිව තිබේ.

කෙසේ නමුත් මෙම මුදල් ගෙවීම පැහැර හැර තිබුණේ මීට පෙර එනම් 2017 - 2020 කාලයේ රග්බි සංගමයේ සභාපතිව සිටි අසංග සෙනෙවිරත්න සහ ලසන්ත ගුණරත්න සමයේදීය. වත්මන් සභාපතිවරයා ලෙස රිස්ලි ඉල්යාස් පත්වීමෙන් පසුව එම කාලය තුළ වූ විනිසුරුවන්ගේ මුදල් ගෙවීම් නියමිත පරිදි ගෙවා තිබිණි. වත්මන් සභාපතිවරයා 2020 වසරේදී පත් වූවකු වන අතර විනිසුරු සංගමය විසින් මෙම හිඟ මුදල් ලබාගැනීමේ දැඩි ඉල්ලීම ඉදිරිපත් කළේ ඔහු ඇතුලු වත්මන් නිලධාරින්ගෙන්ය.

අසංග සෙනවිරත්න හෝ ලසන්ත ගුණරත්න සභාපතිත්වය උසුලන කාලයේදී මෙම ඉල්ලීම් සිදු කිරීමට උන්නදු නොවු විනිසුරු සංගමය මේ මොහොතේ එම ඉල්ලීම දඩමීමා කරගෙන රග්බි තරගාවලිය කඩාකප්පල් කිරීමේ උත්සහයක නිරත වූයේ මේ අසංගලා ලසන්තලා එම තනතුරුවලට පත්කිරිමට කටයුතු කළ රග්බි තමන්ගේ පවුලේ බූදලයක් කරගෙන සිටි දේශපාලන පුත්‍රයන්ගේ වුවමණාවට බව රග්බි සංගමයේ ඇතැමුන් පෙන්වා දෙයි. ශ්‍රීලංකා රග්බි තමන්ගේ පෞද්ගලික සුඛවිහරණයට යොදා ගන්නා, තමන්ගේ වාසි,යට මුදලට කටයුතු කරන ජාත්‍යන්තර මට්ටමේ යැයි සැලකෙන හිටපු රග්බි විනිසුරුවරයකුත් මෙම කණ්ඩායමට හවුල් වී සිටින බවත් දැනගැනීමට තිබේ. වත්මන් අර්බුදය ඇති කිරීම වෙනුවෙන් මෙම පුද්ගලයා සක්‍රීය මෙහෙයුමක යෙදී සිටි බවටත් තොරතුරු ඇත.

එසේම එම කාලයේ වූ අක්‍රමිකතා සහ මේ අයගේ අයුතු බලපෑම නිසා රග්බි සංගමයේ කටයුතු මුලුමනින්ම ව්‍යකූල කිරීම සිදුව තිබිණි. ඒ අනුව පසුගිය කාලයේ කොරියාවේ පැවැති කාන්තා සහ පිරිමි සත් සාමාජික රග්බි තරගාවලියටත්, ඩුබායි හි පැවැත්වුණු පිරිමි සත් සාමාජික තරගාවලියටත් ශ්‍රි ලංකා රග්බි කණ්ඩායමට ශ්‍රි ලංකා ධජය යටතේ ඉදිරිපත් වීමේ වරමද අහිමි විය. එම කණ්ඩායම් ඒ සඳහා ඉදිරිපත් වූයේ ඔලිම්පික් ධජය යටතේ රටක් නියෝජනය නොකරන කල්ලතෝනි කණ්ඩායමක් ලෙසය. මෙමගින් රටට වූ අපකීර්තියට වග කිවයුත්තේ රග්බි සිය පවුලේ බූදලක් කර ගත් කණ්ඩායමයය. එසේම එම සමයේදී රග්බි සංගමයේ මුදල් මේ රග්බි පුත්‍රයන්ගේ විනෝදය වෙනුවෙන් වැය කිරීම නිසා රග්බි සංගමය විවිධ ආයතනයන්ට රුපියල් මිලියන 55 ක ණය කාරයෙක්ද කරනු ලැබුවේය.

ශ්‍රි ලංකා රග්බි පරිපාලනය මෙම පවුලේ සහ ඒ හිතමිතුරන්ගේ ග්‍රහණයෙන් ඈත්වීම ඉවසා දරා ගත නොහැකිව එම පිරිස එළැඹෙන ලීග් තරගාවලියද කඩාකප්පල් කර යළි රග්බි සංගමයේ ආධිපත්‍යය තමන් සන්තක කර ගැනීමේ උත්සාහය ගැන ක්‍රීඩා අමාත්‍යවරයා දන්නවාටත් සැක නැත. එහෙත් ලංකාවේ ක්‍රීඩාව අරක්ගෙන තිබෙන විවිධ මා‍ෆියාවන්ගේ බලය නිසා ක්‍රීඩා ඇමැතිවරයාට කරන්න දෙයක් නොමැතිවීමද සාමාන්‍ය තත්වයකි. කොහොම නමුත් ක්‍රීඩාව මේ දේශපාලනික සහ සංගම් මාෆියාකරුවන්ගෙන් බේරා ගැනීමට නොහැකි වීම ක්‍රීඩාව වළපල්ලට යෑමේ ප්‍රධාන හේතුව වශයෙන් පවතින බව පැහැදිලි කරුණකි.

Leave a comment

Gossip

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

වහාම කැබිනට් මණ්ඩලය පත් නොකළහොත් අයවැය පරාජය විය හැකි බවට අනතුරු අඟවන්නට ගිය පොහොට්ටුවේ ප්‍රබලයින් ප...

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..   

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..  

මහින්ද සමග යළි නැගිටීම පසෙක තබා රනිල් වික්‍රමසිංහ හා එක්ව යන දේශපාලන ගමනක් වෙනුවන් රාජපක්ෂ පවුලේ දේශ...

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ ලේකම් තනතුරට හිටපු අමාත්‍ය රවී කරුණානායක පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එමෙන්ම එජාපයේ...

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස වි...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us