2023 මැතිවරණ වසරක්, ජනාධිපතිවරණයත් එනවා. රනිලුුත් එනවා !  

Published in පුවත්
Thursday, 08 December 2022 12:14

ලබන වසරේදී (2023) ජනතාවට ජනාධිපතිවරණයක් බලාපොරොත්තු විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය නවීන් දිසානායක ඊයේ (දෙසැ. 7) පැවසා තිබිණි.

විපක්ෂය දිගින් දිගට ම මැතිවරණයක් ඉල්ලා සිටින බැවින් ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය එක ම දිනකදී පැවැත්විය හැකිදැයි තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කළ බව ද හිටපු ඇමැතිවරයා සඳහන් කළේ ය.

ලබන වසරේ මාර්තු මාසයෙන් පසුව අගෝස්තු වනවිට ජනාධිපතිවරණයකට යා හැකි බව ත්, ඒ අනුව විධායකයට පත්කළ යුත්තේ කවුරුන්දැයි ජනතාවට තීරණයක් ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බව ත් පැවැසූ හෙතෙම, ජනතාවගේ හොඳ ම තේරීම වී ඇත්තේ ජනාධිපතිවරණයකු බව ප්‍රකාශ කළේ ය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නවීන් දිසානායක මේ බව පැවසීය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වසර පහකට පත්වුව ද ඔහු ඉවත්ව ගිය බැවින් මැතිවරණයකින් අලුත් ජනාධිපති කෙනෙකු පත්කළ යුතු බව ත්, ව්‍යවස්ථාව අනුව බැලූවිට ද ලබන වසර ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා හොඳ ම කාලය වන බවත් හිටපු ඇමතිවරයා කීවේය. ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය එක දිනයකදී පැවැත්වුවහොත් වියදම් හා නාස්තිය අඩුකරගත හැකි බව ද හෙතෙම සඳහන් කළේ ය.

කොහොම නමුත් එළැඹෙන ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වීමට නියමිත බව එජාප ආරංචි මාර්ග පෙන්වා දෙයි. මේ වන විටත ඊට අදාල මැතිවරණ මෙහෙයුම් සැලසුම් කරමින් සිටින් බවත් දැනගැනීමට තිබේ. ශ්‍රී ලංකාව පසුගිය ගෝඨාභය පාලන සමයේදී මුහුණ දුන් ආර්ථික සමාජීය අර්බුදයන්ගෙන් ගලවාගෙන රටේ දේශපාලන ස්ථාවරත්වය යළි ඇති කර රට අරාජික වීම වලක්වා ගැනීම ගැන රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් රට තුළ ගොඩනැඟී ඇති ප්‍රසාදය රනිල්ගේ දේශපාලන ඉතිහාසය තුළ ලැබුණු ඉහළම පිළිගැනීම බව එජාපයේ විශ්වාසය වෙයි.

එමෙන්ම මේ වන විට ක්‍රියාත්මක ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණයන්ගේ සාර්ථකත්වය ඉදිරි වසර තුළදී ශ්‍රී ලංකාවට ඉහළ වර්ධනයක් අත්පත් කර ගැනීමේ හැකියාව උදාවෙනු ඇති බවත් බොහෝ ආර්ථික විශේෂඥයන්ගේ මතය වී ඇති බවත් විශේෂයෙන්ම තරුණයන් ඉලක්ක කර ගනීමින් මෙම ප්‍රතිසංස්කරණයන් යෝජනා වීම මත අද තරුණ ප්‍රජාවගේ බලාපොරොත්තු ගොඩ නැංවීමට සමත්ව තිබෙන නිසාත් එජාපය මේ ඉලක්ක ජය ගැනීම වෙනුවෙන් එජාප ප්‍රමුඛ නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීම ගැනද බලාපොරොත්තු වන බව එම පක්ෂයේ අදහස වී ඇත.

ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නවීන් දිසානායක පවසා සිටියේ මෙම මැතිවරණ ඉලක්ක කරගෙන එක්සත් ජාතික පක්ෂය නැවත ක්‍රියාශීලිව හා සක්‍රියව ජනතාව අතරට ගෙන යන්නේ කෙසේදැයි කියා මේ දිනවල පක්ෂයේ ප්‍රධානීන් එක්ව සාකච්ඡා කරන බවය. පසුගිය සතියේ පැවැත්වූ ආසන සංවිධායකයන්ගේ සම්මුඛ පරීක්ෂණ ඉතා සාර්ථක වූ බව ත්, ඉතා දක්ෂ තරුණ පිරිස් පක්ෂය සමග සම්බන්ධ වීමට උනන්දුවක් දැක්වූ බව ත් ඔහු කීවේ ය.

විපක්ෂය තුළ යම් යම් බෙදීම් නිර්මාණය වී තිබෙන බව කී හෙතෙම, එම මන්ත්‍රීවරුන් එක ස්ථාවරයක සිට අදහස් ඉදිරිපත් නොකරන බව සඳහන් කළේ ය. විපක්ෂනායකවරයා බලය ලබාගත් පසුව ජනතාවට සහන දෙන බව කියා සිටිය ද එම සහන දෙන ආකාරය පැහැදිලි නොකරන බව ද හිටපු ඇමතිවරයා සඳහන් කළේ ය.

Leave a comment

Gossip

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

වහාම කැබිනට් මණ්ඩලය පත් නොකළහොත් අයවැය පරාජය විය හැකි බවට අනතුරු අඟවන්නට ගිය පොහොට්ටුවේ ප්‍රබලයින් ප...

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..   

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..  

මහින්ද සමග යළි නැගිටීම පසෙක තබා රනිල් වික්‍රමසිංහ හා එක්ව යන දේශපාලන ගමනක් වෙනුවන් රාජපක්ෂ පවුලේ දේශ...

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ ලේකම් තනතුරට හිටපු අමාත්‍ය රවී කරුණානායක පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එමෙන්ම එජාපයේ...

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස වි...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us