නැගෙනහිර පර්යන්තය (ECT) සංවර්ධනය ජපානයට ලබාදීමට ජවිපෙ එරෙහි වෙනවාද?  

Published in පුවත්
Tuesday, 13 December 2022 14:22

නැගෙනහිර බහාලුම් පර්යන්තය (ECT) සංවර්ධනයට ජපාන් ආයොජකයන් කැඳවීමට එරෙහිව වන බව ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිතිය වන සමස්ත ලංකා පොදු සේවක සංගමය ප්‍රකාශ කරයි. හිටපු ජනාධිපතිවරයා ECT ඉන්දීය ආයෝජකයකුට ලබා දීමට කළ උත්සාහ පරාජය කිරීමට සටන් කළ ආකාරයෙන්ම විරුද්ධකළ බවද මෙම වෘත්තීය සංගමය පෙන්වා දෙයි.

ජපානයට ECT ලබාදීමෙන් ඉවත් වන ලෙසත් එසේ නොවුවහොත් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන ලෙසත් එම සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරද තිබේ..

ECT ජපානයට ලබා දෙන බවටත්, ඔවුන් ප්‍රතික්ෂේප කළහොත් වෙනත් ආයෝජකයින්ට ලබා දෙන බවටත් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සමඟ ඔවුන් දැඩි ලෙස එකඟ නොවන බව ද සංගමය ප්‍රකාශ කරයි

ආයෝජනය සඳහා වන ගවේෂණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හෝ යෝජනාවලට තමන් විරුද්ධ නොවන නමුත් ශ්‍රී ලාංකිකයින්ට එය සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගැනීමට පෙර වෙනත් අයට ECT පිරිනැමීම ප්‍රතික්ෂේප කරන බව ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

ECT බහාලුම් මිලියන 2.4 ක වාර්ෂික ධාරිතාවකින් යුත් මීටර් 18 ගැඹුරකින් යුක්ත කොළඹ වරායේ දෙවන ගැඹුරු පර්යන්තය වන අතර මේ වන විට සිදුවන මෙම පර්යන්තයේ ඉදිකිරීම් 2024 දී අවසන් කිරීමට බලාපොරොත්තු වේ.

වත්මන් සැලැස්මට අනුව හෙක්ටයාර 75 ක භූමි ප්‍රමාණයක පැතිරී ඇති ECT හි දිග මීටර් 1320 කි. ඉදිකිරීම් සම්පුර්ණ වූ පසු ශ්‍රී ලංකා වරාය අධිකාරියට (SLPA) නැව් සිට ගොඩබිම දක්වා මෙහෙයුම් හැසිරවිය හැකි STC දොඹකර 12 කින් සහ Rail Mounted Gantry (RMG) දොඹකර 40 කින් සමන්විත අංගසම්පූර්ණ පර්යන්තයක් උරුම වනු ඇත.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සිය මෙහෙවර බොහෝ දුරට අවසන් කර ඇතත් එය ජපානයට හෝ වෙනත් රටකට ලබාදීම පිළිගත නොහැකි බව සමස්ත ලංකා පොදු සේවක සංගමය ප්‍රකාශ කරයි.

කෙසේ නමුත් ජවිපෙට සම්බන්ධ වෘත්තීය සංගමය මෙම ස්ථාවරය දැරූව ද මෑතක සිට ජවිපෙ සහ ජාතික ජන බලවේගයේ ස්ථාවරය වන්‌නේ රාජ්‍යය ව්‍යාපාර කිරීමෙන් ඉවත් විය යුතු බවත් රාජ්‍ය යාන්ත්‍රණය හකුළුවා ඒ කාර්යක්ෂම කළ යුතු බවත්ය. මේ අනුව සිය වෘත්තීය සමිතියේ වුවමණාව මත එම ස්ථාවරයෙන් ජවිපෙ වෙනස් වෙනවාද නැද්ද යන්න ගැන ගැටළුවක් ඉතිරිවේ.

Leave a comment

Gossip

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

වහාම කැබිනට් මණ්ඩලය පත් නොකළහොත් අයවැය පරාජය විය හැකි බවට අනතුරු අඟවන්නට ගිය පොහොට්ටුවේ ප්‍රබලයින් ප...

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..   

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..  

මහින්ද සමග යළි නැගිටීම පසෙක තබා රනිල් වික්‍රමසිංහ හා එක්ව යන දේශපාලන ගමනක් වෙනුවන් රාජපක්ෂ පවුලේ දේශ...

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ ලේකම් තනතුරට හිටපු අමාත්‍ය රවී කරුණානායක පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එමෙන්ම එජාපයේ...

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස වි...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us