ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මඟී ප්‍රවාහන බෝට්ටු සේවාවත් ඇරැඹේ

Published in පුවත්
Tuesday, 13 December 2022 15:01

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාවක් ආරම්භ කරමින් දකුණු ඉන්දියාව සහ කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ කොලඹ වරායන් අතර මගී යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා  කොළඹදී ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙම වැඩපිලිවෙලේ ප්‍රථම පියවර ලෙස කන්කසන්තුරේ සහ පාන්ඩිචෙරි අතර මගී යාත්‍රා (ෆෙරි) සේවාවන් ලබන ජනවාරි මස මැද ආරම්භ කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීවේය.

ඒ සඳහා ඉන්දියානු රජයේ අනුමැතිය ලබා දී ඇති බව බවද වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.

දඹදිව වන්දනාවේ යන ශ්‍රී ලාංකික බැතිමතුන්ට මෙන්ම ව්‍යාපාර කටයුතු වල නිරත වන පිරිස් වලට මෙම මගී යාත්‍රා සේවාව විශාල සහනයක් වන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කලේය.

එක් ගමන්වාරයක් සඳහා ගාස්තු ලෙස ඇමරිකානු ඩොලර් 60 ක් පමණ එක් මගියකුගෙන් අයකිරීමට නියමිත බවත් කිලෝ ග්රෑකම් 100 බරකින් යුතු භාණ්ඩ රැගෙන යා හැකි බවත් යාත්‍රා හිමියන් එහිදී අවධාරණය කලේය.

මේ අතර ඉංදියාවේ එලායන්ස් එයාර් ගුවන් සේවය චෙන්නායි සිට යාපනය දක්වාත් යාපනය සිට චෙන්නායි දක්වාත් ගුවන් ගමන් යළි ආරම්භ කිරීම ඊයේ(12) සිදුවිය. වසර දෙකක පමණ කාලයක් මෙම සේවය අත්හිටු වා තිබිණි.

යාපනයේ පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පහසුකම් වැඩිදියුණු කිරීමටත් පුළුල් කිරීමටත් ශ්‍රී ලංකා රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දියාව සූදානම් බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මෙම අවස්ථාවට සහභාගී වෙමින් පැවැසීය.

යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට ස්තුතිවන්ත වන බවත් මෙමගින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළඳ කටයුතු වර්ධනය වෙනු ඇති බවත් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයටද තල්ලුවක් ලැබෙනු ඇති බවත් වැඩිදුරටත් පැවැසීය. මෙරටට පැමිණෙන සංචාරක ප්‍රමාණය අනුව දෙවැනි වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිනේන්නේ ඉංදියාවෙනි.

එසේම කන්කසන්තුරේ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියකට සහය දක්වමින්, කන්කසන්තුරේ වරාය සහ කරයිකාල් ඇතුළු ඉන්දියාවේ විවිධ ස්ථාන අතර බෝට්ටු සේවාවක් ඉක්මනින් නැවත ආරම්භ කිරීම සඳහා කොළඹ සමඟ නව දිල්ලිය ඉතා සමීපව කටයුතු කරමින් සිටින බව ද භග්ලේ මහතා ඊයේ පෙන්වා දී තිබිණි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us