ශ්‍රී ලංකාවේ, 2030 වසර දක්වා වන ආහාර සුරක්ෂිතතා සැලසුම ලෝක ආහාර වැඩසටහන අනුමත කරයි

Published in පුවත්
Wednesday, 14 December 2022 13:26

 2023 සිට 2027 දෙසැම්බර් දක්වා වන ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික සැලසුම ලෝක ආහාර වැඩසටහනෙහි විධායක මණ්ඩලය අනුමත කර ඇත.

ඒ, ලෝක ආහාර අරමුදලේ ශ්‍රී ලංකා ක්‍රමෝපායික සැලසුම 2023 ජනවාරි මාසයේ සිට බලාත්මක වන අතර, එය ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති රාමුව මෙන්ම එක්සත් ජාතීන්ගේ 2023-2027 සඳහා වන තිරසාර සංවර්ධන සහයෝගීතා ප්‍රතිපත්ති රාමුව ( UNSDCF ) සමඟද අනුකූල වන බැවිනි.

රෝමයේ සිටින ලෝක ආහාර වැඩසටහනෙහි විධායක අධ්‍යක්ෂ ඩේවිඩ් එම්. බීස්ලි විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කර ඇත්තේ, ලෝක ආහාර අරමුදලෙහි දෙවන නිත්‍ය සැසිවාරයේදී විධායක මණ්ඩලය මෙම අනුමැතිය ලබාදුන් බවයි.

මෙම ශ්‍රී ලංකාවේ උපායමාර්ගික සැලසුම තිරසාර සංවර්ධන ඉලක්ක අංක 02 ට අනුකූලව මෙරට ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය 2030 වන විට සාක්ෂාත් කරගැනීම සඳහා සැලසුම් කර තිබේ.

එසේම තිරසාර සංවර්ධන ඉලක්ක අංක 1,5,10 සහ 13 ශක්තිමත් කිරීම මෙන්ම තිරසාර සංවර්ධන ඉලක්ක අංක 17 ට අනුව ජාතික මානුෂීය සහ සංවර්ධන ප්‍රතිචාර හවුල්කාරීත්වය ශක්තිමත් කිරීම සඳහාත් මෙම උපායමාර්ගික සැලසුම ඉවහල් වෙයි.

තවද, ආහාර සුරක්ෂිතතාව සහ ඉහළ පෝෂණය අත්පත් කර ගැනීම සහ 2030 වන විට තිරසාර සංවර්ධන ඉලක්ක අත්පත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය දරන ප්‍රයත්නය ලෝක ආහාර වැඩසටහනේ ඇගයීමට ලක්ව තිබේ.

එහිදී කෙටි කාලීන ආහාර ආධාර ලබාදීම සහ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය ඉහළ දැමීම සුරක්ෂිත කිරීමෙන් ශ්‍රී ලංකාවේ අවධානමට ලක්වූ ජනකොටස් ප්‍රමාණාත්මකව අඩු කිරීම සඳහා හැකියාව ලබාදීම තුලින් ශ්‍රී ලංකාවට සහය වන බවත් සඳහන් කර ඇත.

එසේම ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සඳහා රජයේ ආයෝජන ඉහළ නැංවීමට ලෝක ආහාර වැඩසටහන ශ්‍රී ලංකා රජයට තාක්ෂණික සහය සහ ප්‍රතිපත්තිමය උපදෙස් ලබාදෙන බවත් එම ලිපියේ සඳහන් කර තිබේ.

මෙම ලෝක ආහාර වැඩසටහනේ ක්‍රියාකාරීත්වය සඳහා සම්පත් දායකත්වය ලබාදෙන්නේ ස්වේච්ජාවෙනි. එබැවින් ශ්‍රී ලංකාවේ උපායමාර්ගික සැලසුම් සඳහා ලබාදෙන ආධාර, ආධාරකරුවන් ලෝක ආහාර වැඩසටහනට ලබාදෙන්නාවු දායකත්වය මත රඳා පවතී.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us