තවත් මලයාසියානු ගුවන් යානයක් උඩු ගුවනේදී ඇතිවු දෝෂයක් නිසා යළි මලයාසියාවට ගොඩබස්වා ඇත. ක්වාලාලාම්පුර් නුවර සිට ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර දක්වා ගමන් ගනිමින් තිබු ගුවන් යානයක් මෙලෙස ගුවන් ගත කර පැය 4 කට පසු යළි ක්වාලලාම්පුර් ගුවන් තොටුපළටම ගොඩ බැස්සවු බව වාර්තා වේ.
ඇමරිකානු ගුවන් හමුදා ප්රතිඥාවේ එන වාක්‍යයක් පැවසීමට අකමැතිවූ අදේවවාදී ගුවන් සෙබළෙකුගේ සේවා කොන්ත්‍රාත්තුව අළුත් කිරීම අත්හිටුවා ඇතැයි වාර්තා වේ.
සිය ආරක්ෂාවට ගමන් කළ පොලිස් මෝටර් සයිකලයක් මෝටර් රියක ගැටෙනු දුටු හැරී කුමරු කම්පනයට පත්ව ඇති බව වාර්තා වෙයි.
ඇමරිකානු ආර්ථික විද්‍යාඥ මාක් තෝන්ටන් පවසන්නේ වොෂින්ටනය සහ මොස්කව් අතර වර්ධනයවී ඇති දේශපාලත විරසක බව හේතුවෙන් ඇමරිකානු ඩොලරයේ පරිහානිය වේගවත් වී ඇති බවයි.
ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පසුගිය 09 වනදා උදෑසන ජොර්දානයේ රජු අබ්දුල්ලා ඉන් අම්මාන් හමු වූ බව මැද පෙරදිග මාධ්‍ය වාර්තා කරයි. අයි.එස්.අයි.එස්. සටන්කාමීන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඉරාකයට ද ගොස් ඇත.සූර්යා මත ඇති වූ ප්‍රබල සූර්යය කුණාටුවක් හේතුවෙන් පෘථිවිය වටා ඇති සියළු සන්නිවේදන චන්ද්‍රිකා විනාශ වීමේ අවධානමක් මතුව ඇතැයි වාර්තා වෙයි.
නැගෙනහිර යුක්රේනයේ දී කඩා වැටුණු මලයාසියා එම්.එච්.17 ගුවන්යානයේ කළු පෙට්ටිය හා සුන්බුන් විශ්ලේෂණය කළ ඕලන්ද ආරක්ෂක මණ්ඩයල සිය වාර්තාව නිකුත් කර ඇත. එම වර්තාවෙන් පෙන්වා දෙන්නේ යානයට මිසයිලය වැදී නැති බවයි.
