ශ්‍රී ලාංකේය කලාකරුවන්ගේ වෘත්තීය සංවර්ධනය, සංස්කෘතික ආරක්ෂාව සහ වෘත්තීය සුභ සාධනය ඉලක්ක කරගත් සමස්ථ ශ්‍රී ලාංකීය කලාකරුවන්, කලා ශිල්ප සහ නිර්මාණ හිමිකම් ආරක්ෂා කිරීම උදෙසා ගෙන එනු ලබන නව පාර්ලිමේන්තු නීති කෙටුම්පත සඳහා කලාකරුවන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීම දීර්ඝ කරයි.

ගත වූ මාසය තුළ මෙරටින් වාර්තාවන දෛනික ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 335ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

සුනාමි ව්‍යවසනය සිදුවී අදට (26) වසර 19ක් සපිරේ.

අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල් ප්‍රමාණය ලබන වසරේ සිට තවත් ලක්ෂ 4කින් ඉහළ දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ අංශවලට උපදෙස් දී තිබේ. ඒ අනුව ලබන වසරේදී අස්වැසුම ලබන සමස්ථ ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව පවුල් ලක්ෂ 24 ක්වේ.

ලබන වසරේ දී පැවැත්වීමට මැතිවරණ සඳහා මුහුණ දීමට සමගි ජන බලවේගයට තනිව නොහැකි වීම නිසා කවරහෝ පිරිසක් එකතුකරගෙන පොදු සන්ධානයක් ගොඩනැගීමේ බලය පක්ෂ නායක වෙත ලබා දීමට ඊයේ (22) රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.

රජයේ මහල් නිවාස සංකීර්ණවල නිවාස හිමිකාරීත්වය සින්නක්කර ඔප්පු මගින් ජනතාවට පැවරීම සම්බන්ධයෙන් ගත යුතු ප්‍රතිපත්තිමය තීරණවලට කඩිනමින් එළැඹිය යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ගම්මිරිස්, එනසාල්, කරාබු නැටි, කහ, කුරුඳු වැනි කුළුබඩු මිල දී ගැනීම සම්බන්ධව සාකච්ඡා කිරීමට මේ දිනවල විශේෂ චීන වෙළෙද නියෝජිත පිරිසක් අපේ රටේ සංචාරයක නිරතව සිටිති. චීන කුළුබඩු ආනයනකරුවන්ගේ සංගමයට අයත් ආයතන 42ක නියෝජිතයෝ ඊට එක්ව සිටිති.

ආනයනික ලොකු ලූනු තොග ගබඩාවල සඟවා ඉතා සූක්ෂම ලෙස වැඩි මිල ගණන් යටතේ අලෙවි කිරීම සම්බන්ධයෙන් ලද තොරතුරු පිළිබඳ පාරිභෝගික අධිකාරිය විමර්ශන ආරම්භ කර තිබේ.

ld add copy

Latest News

ඉන්දු - ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

ඉන්දු - ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගු කලක් පුරා ධීවර ගැටලු පවතින බවත්, ඒ සඳහා ජාත්‍යන්තර නීතියට අනුකූලව ක...

Connet With Us